සජිත් - TNA සාකච්ජාව අවසන්: මංගලගේ රෑ කෑමේ ඇත්ත කතාව මෙන්න.


සජිත් ‌ප්‍රේමදාස මහතා හා ‌දෙමළ ජාතික සන්ධානය අතර අද (15) පැවැති සාකච්ජාවත් විසදුමකින් ‌තොරවම අවසන් වී තිබේ.

එජාපයෙන් ජනපති අපේක්ෂකත්වය ලබා ගැනීමට ‌පෙර සුලු ජාතික පක්ෂවල සහාය ලබා ගන්නා ‌ලෙසට අගමැතිවරයා කර තිබූ දැනුම් දීමකට අනුව ‌ප්‍රේමදාස මහතා හා ‌දෙමළ ජාතික සන්ධානය අතර ‌මෙම හමුව සංවිධාන ‌කොට තිබිණ.

ඊ‌යේ (14) මංගල සමරවීර මහතාගේ නිවෙසේ පැවැති සුලු ජාතික පක්ෂ හමුවට ‌‌දෙමළ ජාතික සන්ධානයටද ආරාධනා කර තිබූූ නමුත් ඊට සහභාගී වීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබිණ.

කෙසේවෙතත් අද සාකච්ජාවේදී ‌දෙමළ ජාතික සන්ධානය උතුරේ ජනවාර්ගික ප්‍රශ්නයට ලබා ‌දෙන ‌දේශපාලන විසදුම, බලය ‌බෙදීම හා උතුරේ ප්‍රශ්න සම්බන්ධයෙන් ‌ප්‍රේමදාස මහතාගෙන් විමසා ඇති අතර ඊට සජිත් ප්‍රකාශ ‌කොට ඇත්තේ තමා බලයට පැමිණීමෙන් පසු උපරිම බලය ‌බෙදීමකට සූදානම් බවත්, මාස 6ක් ඇතුළත ‌එම විසදුම ලබා ‌දෙන බවත්ය.

නමුත් ‌මෙහිදී කටවචනයට ‌ලබා ‌දෙන ‌‌දේශපාලන ‌පොරොන්දු පිළිගත ‌නොහැකි බව ‌පෙන්වා දී ඇති ‌දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් එම විසදුම තමන්ට ලිඛිතව ලබා ‌දෙන ‌ලෙස දැනුම් දී ඇත.

මෙම හමුවට ‌මෙළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, එම්.ඒ. සුමන්තිරන් ඇතුලු සාමාජිකයන් කිහිප ‌දෙනකු සහභාගී වී තිබේ.

හකීම් විතරක් සජිත්ට

මේ අතර අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවෙසේ ඊ‌යේ (14) රාත්‍රියේ සජිත් ‌ප්‍රේමදාස මහතාට සහාය ලබා ගැනීමේ අරමුණින් එක්සත් ජාතික ‌පෙරමුණේ පක්ෂ නායකයන් සදහා පැවැත්වූ රාත්‍රී ‌භෝජන සංග්‍රහය සදහා සන්ධානය නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන් සහභාගී වී තිබේ.

ඒ අනුව රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, චම්පික රණවක යන මහත්වරුන් සමග මංගල සමරවීර, සජිත් ‌ප්‍රේමදාස, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් යන් මහත්වරුන් සාකච්ජාවට එක්ව ඇත.

කෙසේවෙතත් ‌මෙම සාකච්ජාවේදී රවුෆ් හකීම් මහතා පමණක් සජිත් ‌ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් අදහස් දක්වා ඇති අතර අනෙකුත් පක්ෂ නායකයන් සියලුම ‌දෙනාම ප්‍රකාශ ‌කොට ඇත්තේ එජාපය නම් කරන අපේ්ක්ෂකයා කවුරුන්ද, එම අපේක්ෂකයා හට තම සහාය ලබා දීමට සූදානම් බවකි.

නමුත් මංගල සමරවීර මහතා ඇතුළු කණ්ඩායම එහිදී පක්ෂ නායකයන්ට දැනුම් දී ඇත්තේ එසේනම් ‌ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් එජාපය සමග සාකච්ජා කරන ‌ලෙසකි. තමන්ට එජාපය සමග සාකච්ජා කළ හැකි නමුත් අපේක්ෂකයා සම්බන්ධයෙන් බලපෑම් කළ ‌නොහැකි බව එහිදී ‌පෙන්වා දී ඇති පක්ෂ නායකවරුන් හැකි ඉක්මනින් අපේක්ෂකයා නම් කරන ‌ලෙසට පමණක් තමන්ට බලපෑම් කළ හැකි බව ‌පෙන්වා දී තිබේ.

එමෙන්ම මනෝ ගනේෂන් මහතා ‌ඊ‌යේ දිනයේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබූ බැවින් ‌‌මෙම සාකච්ජාවට සහභාගි ‌නොවන බවට අප ‌පෙර වාර්තා කර තිබුණද ‌මෙම සාකච්ජාව නිසාම එම සංචාරය දිනකින් කල් දමා ඊට එක්වීමට ගනේෂන් මහතා කටයුතු ‌කොට තිබිණ.

[මව් රට]

No comments:

Ad
Powered by Blogger.