Ad

සිවිල් සමාජයට හිස නමයි: රනිල්ගෙන් විධායකය අහෝසි කිරීම ‌හෙට කැබි​නෙට්ටුවට.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් මෙම අඟහරුවාදා (17වැනිදා) පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වෙයි. අගමැති රනිල් වික්‍රමසිංහ සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අතර අරලියගහ මන්දිරයේ ඊයේ (15වැනිදා) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී මෙම තීන්දුවට එළඹ තිබේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස සිවිල් සංවිධාන නියෝජිතයන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

එහිදී අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තමන් 2015 වසරේදීත් එකඟ වූ බවයි. එම නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් ඇමැති මණ්ඩලයට අඟහරුවාදා ඉදිරිපත් කිරීමට අගමැතිවරයා මෙහිදී එකඟ වී ඇත. ජනතා විමුක්ති පෙරමුණද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතත් මේ වන තුරු එය සාකච්ඡාවට ගෙන නොමැත.

අගමැතිවරයා ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන යෝජනාවට අනුමැතිය ලැබුණහොත්, කඩිනමින් පාර්ලිමේන්තුවේ එය විවාද කිරීමටද කටයුතු කරන ලෙස සිවිල් සංවිධාන මෙහිදී ඉල්ලා තිබේ. විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට තමන් එකඟ බව කථානායක කරු ජයසූරියද මේ වන විට ප්‍රකාශ කර ඇත.

මෙම සාකච්ඡාවට ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, සමන් රත්නප්‍රිය, සුනිල් සිල්වා, රාජා උස්වැටකෙයියාව ආචාර්ය ජෙහාන් පෙරේරා ඇතුළු සිවිල් සමාජ හා වෘත්තීය සමිති නියෝජිතයෝ එක්ව සිටියහ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.