සජිත් ‌පිට පනී: රනිල්ගෙන් 18 රට ‌හොල්ලන තීන්දුවක්!


සජිත් ‌ප්‍රේමදාස මහතා එජාප ජනපති අපේක්ෂක ‌ලෙස නම්කළ යුතු බවට ඉල්ලමින් රට පුරා පවත්වන රැලි මාලාවේ තුන්වැන්න ‌බ්‍රහස්පතින්දා (05) කුරණෑගලදී පැවැත්වීමට නියමිතය.

ඒ සදහා සජිත් ‌ප්‍රේමදාස මහතාද සහභාගී වීමට නියමිත බව දැනගන්නට ඇත.

පසුගිය සිකුරාදා (30) දිනයේදී අගමැතිවරයා හා එජාප ‌ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ජාවකදී තවදුරටත් රට පුරා රැලි සහ සාකච්ජා ‌නොපවත්වන බවට ‌දෙපාර්ශ්වය අතර එකගතාවක් ඇතිකරගෙන තිබුණද ‌දෙවන ‌පෙළ මට්ටමේ මැති ඇමැතිවරුන් ඉකුත් දින කිහිපය පුරාම එම සටන් විරාමය අවසන් කරන ‌ලෙසට සජිත් ‌ප්‍රේමදාස මහතාට බලපෑම් එල්ල කර තිබිණ.

ඒ අනුව ‌මේ වනවිට සජිත් ‌ප්‍රේමදාස මහතාද තීන්දු කර ඇත්තේ ඇති කරගත් එම එකගතාව අවසන් ‌කොට නැවත රට පුරා යමින් රැස්වීම් තබන්නටය.

කෙසේවෙතත් ‌ බ්‍රහස්පතින්දා (05) පැවැත්වීමට නියමිත රැස්වීමට සජිත් ‌ප්‍රේමදාස මහතා සහභාගී වුවහොත් ඉතා දැඩි තීන්දුවක් ගැනීමට අගමැතිවරයා තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව ලබන 18 වැනිදා සිරිකොත පක්ෂ මූලස්ථානයේ සිට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට අගමැතිවරයා තීන්දු කර ඇති බවත්, එය මහත් ‌පෙරළිකාර ප්‍රකාශයක් වනු ඇති බවත් දැනගන්නට ඇත.

මේ අතර එජාපය නියෝජනය කරන සියලුම පළාත්පාලන මන්ත්‍රිවරුන් ‌කොළඹට කැදවීමට සජිත් ‌ප්‍රේමදාස මහතා තීන්දු කර ඇත.

ලබන 07 වැනිදා ‌මෙම හමුව ‌කොළඹදී පැවැත්වීමට තීන්දු වී තිබේ.

අගමැතිවරයා සමග පසුගිය බ්‍රහස්පතින්දා ඇති කරගත් එකගතාව බිද දමමින් ‌මෙම රැස්වීමත් පැවැත්වෙනු ඇති බව දැනගන්නට ඇත.

No comments:

Ad
Powered by Blogger.