සිවිල් සමාජ සාකච්ඡාවත් අසාර්ථකයි: සජිත් කල්ලිය නව පක්ෂයක් බිහි කිරීමේ සූදානමින්!


පුද්ගලික න්‍යාය පත්‍ර නොමැති, රට ගැන හිතන අලින් ඉන්නා අලුත් පක්ෂයක් බිහිකරන බව එක්සත් ජාතික පක්ෂ සජිත් පාර්ශ්වයේ ප්‍රධාන කථිකයකු වන නලින් බණ්ඩාර අමාත්‍යවරයා පවසයි. 

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවෙහි ඡායාරූපයක් සහිත සටහනක් පළ කරමිනි. 

මීට පෙර සජිත් ප්‍රේමදාස මහතාගේ සමීප ගෝලයකු වන දිලිප් වෙදාරච්චි මහතා ද ස්ථිරව ම ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය හිමි නොවන්නේ නම් ඔහුව වෙනම පක්ෂයකින් හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවයි. 

එසේම අජිත් පී. පෙරේරා අමාත්‍යවරයා ද සති කිහිපයකට ඉහත දී තරයේ ප්‍රකාශ කළේ සජිත්ට අපේක්ෂකත්වය ලබා නොදෙන්නේ නම් විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට තම කණ්ඩායමට සිදුවන බවයි. 

සජිත් හා සිවිල් සමාජ සාකච්ඡාවේ මොකද වූණේ?

මේ අතර 1994 සිට බලයට පත් වූ සෑම නායකයකුම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට වූ ප්‍රතිඥාව ජනතාවට දී ඇති බවත්, එම ප්‍රතිඥාව දුන් නායකයින් මේ රටේ ජනතාව නැවත නැවතත් බලටය පත් කර ඇති බවත්, ඉන් පෙන්නුම් කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කිරීම අදටත් වලංගු බව යැයි එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවේ සිවිල් සමාජ ක්‍රියාධරයන් පෙන්වාදී තිබේ.

සජිත්ගේ විශේෂ සම්මුඛ සාකච්ඡාවේදී කියූ ආකාරයට විධායක ජනාධිපතික්‍රමය අහෝසි කළ යුතු යැයි වන විද්‍යාත්මක නිගමනයකට පැමිණ නැතැයි යන කාරණාව සම්බන්ධයෙන්ද මෙහිදී සිවිල් සමාජය සාකච්ඡා කර ඇති අතර එහිදී ප්‍රේමදාස මහතාට ඔවුන් පෙන්වාදී ඇත්තේ විද්‍යාත්මක නිගමනය යන්න විද්‍යාගාරයක සිදු කරනු ලබන දෙයක් නොවන බවත්, එය මහ පොළොවේ දේශපාලනය තුළ කෙරෙන දෙයක් බවත්, ඒ දේශපාලනය තුළ 1994 සිට එය විද්‍යාත්මකව ඔප්පුවී ඇති බවයි.

යම් විදියකින් යමෙකු කියන්නේ නම් මේ මොහොතවන විට, නැත්නම් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඒ ඉල්ලීම බාලවී ඇති බවක් එය තමන් පිළිනොගන්නා බව එම සාකච්ඡාවට එක්වූ පුරවැසි බලය හා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපරය ඇතුළු
සිවිල් සමාජ ක්‍රියාකාරීන් සජිත් ප්‍රේමදාස මහතාට පවසා තිබේ.

එය පිළිනොගන්නේ නම් මේ ඉල්ලීම නැවත වරක් විද්‍යාත්මක පරීක්ෂණයකට ලක් කළ හැකි බවත්, ඒ ජනමත විචාරණයක් මගින් යැයිද ඔවුන් එහිදී පෙන්වාදී ඇත.

ජනමතා විචාරණයකට යන බව පැවසීමම මේ ඉල්ලීම විද්‍යාත්මක පරීක්ෂණයකට ලක්කිරීමක් යැයිද, එය මේ සඳහා හොඳම ලිට්මස් පරික්ෂාවක් බවද ඔවුන් ප්‍රේමදාස මහතා හමුවේ පවසා තිබේ.

එමගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ කාරණාව ජනතාව තුළින් මැකී ගොස් ඇත්තද එසේ නැත්නම් නායකයන් විසින් එය බිම තබා ඇත්දැයි යන්න පිළිබඳව තීන්දුවක් ගැනීමට අවස්ථාවක් සලසා දෙන බවද ඔවුන් පෙන්වා දී තිබේ.

මේ අතර, ඊයේ (17) පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස මහතා විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

ප්‍රේමදාස මහතා විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනතා මතය අනුව කටයුතු කරන බවට දක්වන ලද අදහස් මෙහිදී සිවිල් සමාජයේ කනස්සල්ලට හේතුවූ බවත්, නායකයකුට ජනතාවට පෙර දැක්මක් තිබිය යුතු බැවින් ඔහුගේ අදාළ මතය තුළ ඔහුට එම කාරණාව සම්බන්ධයෙන් පැහැදිළි මතයක් නොවීම ඊට හේතුවූ බව එම රැස්වීමට සහභාගිවූ සිවිල් සමාජ ක්‍රියාකාරියකු කියා සිටියේය.

No comments:

Ad
Powered by Blogger.