මෛත්‍රීගේ සම්මේලන කතාවට රාජපක්ෂවරු අප්සට්: සජිත් සමඟ එක්වන ලකුණු!


68 වන සම්මේලනය අමතා ජනාධිපති ‌මෙමත්‍රිපාල සිරිසේන මහතා සිදු කළ කතාව මුල් කරගෙන රාජපක්ෂවරුන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව දැනගන්නට ඇත.

මෙම කතාවේදී ‌පොහ‌ොට්ටුව සමග සන්ධානගතවීම සම්බන්ධ‌යෙන් කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් ‌නොදැක්වූ ජනාධිපතිවරයා ඒ ‌වෙනුවට එජාප නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස මහතාට වාසි සහගත වන ආකාරයේ කතාවක් සිදු කිරීම ඊට ‌හේතු වී තිබේ.

කලින් ‌දෙපාර්ශ්වය අතර පැවැති සන්ධාන සාකච්ජා අවසානයේ ‌දෙපාර්ශ්වයම සාකච්ජා සාර්ථක බව මාධ්‍යයට ප්‍රකාශ කර තිබියදීත් ජනාධිපතිවරයාගේ කතාව තුළින් එවැනි කිසිදු ඉගියක් පළ ‌නොවීම රාජපක්ෂවරුන්ගේ කනස්සල්ලට ‌තවත් ‌හේතුවක් වී තිබේ.

ඒ අනුව පෙරේදා (03) රාත්‍රියේම විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති රාජපක්ෂවරුන් ‌මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා කර ඇති අතර තවදුරටත් ශ්‍රිලනිපය සමග සාකච්ජා පවත්වනවාද, එසේත් නැත්නම් ශ්‍රිලනිපයේ කුමන පාර්ශ්වයන් සමග සාකච්ජා පවත්වනවාද යන්න පිළිබදව අදහස් හුවමාරු කරගෙන තිබේ.

නිමල් සිරිපාල තනිවම සටනක

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‌පොහොට්ටුව සමග සන්ධානගත කරවීම සදහා එහි උප සභාපතිවරයකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂය ඇතුළේ විශාල සටනක් තනිවම සිදු කරමින් සිින බව දැනගන්නට ඇත.

අනෙකුත් ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් වත්මන් තත්ත්වය යටතේ ‌කෙසේවත් ‌පොහ‌ොට්ටුව සමග සන්ධානගත ‌නොවිය යුතු බව අවධාරණය කරද්දී නිමල් සිරිපාල මහතා පමණක් ‌මෙසේ පක්ෂය ඇතුළේ තනි සටනක් දියත් කර ඇති බවද දැනගන්නට ති‌බේ.

කෙසේවෙතත් ජනාධිපතිවරයාද ‌මේ වනවිට සිටින්නේ ‌පොහ‌ොට්ටුව සමග සන්ධානගත විය යුතු නැති බවට වූ ස්ථාවරයක වන අතර සජිත් ප්‍රේමදාස සමඟ සන්ධාන ගත වීමේ සුදානමක් ඇති බවට ද මාධ්‍ය වාර්තා පළවේ.

රනිල් කපයි: සිරිසේනට තැන

මේ අතර ලබන 07 වැනිදා සිට 10 වැනිදා දක්වා යාපනයේ පැවැත්වෙන ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහනේ පළමු දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා ‌ලෙස ‌මෙවර සහභාගී වීමට නියමිතව ඇත්තේ ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතාය.

මෙතෙක් පැවැති වැඩසටහන් ‌දෙකේම පළමු දවසේ ප්‍රධාන ආරාධිතයා ‌ලෙස අගමැති රනිල් වික්‍රමසිිංහ මහතා එක් වුවද ‌මෙවර එය ජනාධිපතිවරයාට හිමිව තිබේ.

කෙසේවෙතත් ජනාධිපතිවරයා පළමු දින උත්සවය විවෘත කිරීම සදහා යාපනයට පැමිණීම සම්බන්ධයෙන් ‌දෙමළ ජාතික සන්ධානය සිය කනස්සල්ල පළ ‌කොට ඇති බවක් දැනගන්නට ඇත.

[මව් රට]

No comments:

Ad
Powered by Blogger.