ඇල්පිටියේ ඡන්දයෙන් සජිත් අත හෝදා ගනී: සජිත් යටතේ මෙහෙය වු මැතිවරණ කෝ?


ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය ජයග්‍රහණය කරවීම සඳහා මෙහෙයවන මෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දීමෙන් අනතුරුව සජිත් පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් සුපුදුරුදු මැසිවිල්ල නඟමින් ඉන් කර ඇරීමට සූදානම් වන බව වාර්තා වේ. 

සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය යන දෙකම ලබාදෙන්නේ නම් පමණක් ඇල්පිටියේ ඡන්දය ජයග්‍රහණය කරවා පෙන්විය හැකි බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ. 

එසේම පළමු වටයේදීම පරාජය භාරගත් ආකාරයක් පෙන්නුම් කරමින් ඔවුන් ඇල්පිටිය යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉතාම වාසිසහගත තත්වයක් ඇති ප්‍රදේශයක් බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණටත් ඡන්ද බෙදීයන තත්වයක් තුළ මෙය ජයගැනීම ඉතාම අසීරු බවටත් එහෙයින් මෙවන් අභියෝගයක් භාරදීම ඉතාම අසාධාරණ බවටත් මැසිවිලි නඟන්නට පටන් ගෙන ඇති බව සඳහන්. 

2014 ඌව පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කරවීමේ වගකීම සජිත් ප්‍රේමදාස මහතාට පැවරීමට පක්ෂ නායකත්වය සූදානම් වුවත් පක්ෂයේ නායකත්වය තමන්ට නොලැබෙන්නේ නම් මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි බව පවසමින් සජිත් එයින් පවා මඟහැරියේය. ඉන්පසු පැවැත්වුණු මැතිවරණ තුනේදීම ඔහු සිය ආසනයෙන් පිට කිසිදු සංවිධාන කටයුත්තකට සහභාගී වී නොමැත. 

[LNW]

No comments:

Ad
Powered by Blogger.