Ad

අජිත් පී. යළිත් කුජීතයි: ප්‍රශ්නෙ විසදන්න කරූ මැදිහත් ‌වෙයි.


ජනාධිපති අපේක්ෂකයා මුල්කරගෙන එක්සත් ජාතික පක්ෂය ඇතුළේ මතුව ඇති අර්බුදය විසදීම සදහා ‌මේ වනවිට කතානායක කරු ජයසූරිය මහතා මැදිහත්ව තිබේ.

ඒ අනුව අද (21) දිනයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී ඇති කතානායක මහතා දීර්ඝ වශයෙන් ‌මේ සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති අතර මතුව ඇති තත්ත්වය යටතේ තමන් ජනාධිපති අපේක්ෂකයා ‌ලෙස ඉදිරිපත් වීමට අකැමැති බවද ප්‍රකාශ ‌කොට ඇත.

ඒ අනුව ‌හෙට දිනයේදී කරු-රනිල්-සජිත් යන තිදෙනා අතර සාකච්ජාවක් පැවැත්වීමට තීන්දු වී තිබේ.

මෙම සාකච්ජාවේදී පක්ෂය තුළ මතුව ඇති අර්බුදය සුහදව සාකච්ජා මාර්ගයෙන් විසදා ගැනීමට පාර්ශ්ව තුන අතරම එකගතාවක් ඇතිව ඇති බවද දැනගන්නට ඇත.

අජිත් පී.ගේ යෝජනාව

මේ අතර එක්සත් ජාතික පක්ෂයෙහි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව නම් කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට බලකරමින් අරලියගහ මන්දිරය වටළා උද්ඝෝෂණය කිරීමට අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා විසින් සජිත් පිලට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණු බව අපි මීට පෙර වාර්තා කළෙමු. 

අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ රනිල් - සජිත් සාකච්ඡාව පැවති පසුගිය 10 වනදා ක්‍රියාත්මක කිරීමටය. එම සාකච්ඡාව පැවැත්වෙන මොහොතේ අරලියගහ මන්දිරය වටළා, එහි සියලු පිවිසුම් දොරටු අවහිර කර, සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබාදෙන තුරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව නිවාස අඩස්සියේ තබාගත යුතු බවට ඔහු යෝජනා කර තිබිණි. 

එහෙත් එවැන්නක් සංවිධානය කරගැනීම සඳහා කාලය ප්‍රමාණවත් නොවීම මෙන්ම රනිල් - සජිත් සාකච්ඡාව රාත්‍රී 09.00ත් පසුවී පැවැත්වීම ඇතුළු හේතු කිහිපයක් සහ මූලිකවම සජිත් ප්‍රේමදාස මහතා මීට එතරම සැලකිල්ලක් නොදැක්වීම නිසා එය අතහැර දමන ලදී. 

එහෙත් මේ සතිඅන්තයේදීත් අපේක්ෂකත්වය ලබාගැනීමට නොහැකි වීම නිසා ලබන අඟහරුවාදා ( 24 ) පැවැත්වීමට නියමිත එජාපෙ පක්ෂ නායක රැස්වීම අවස්ථාවේදී සහ බදාදා (25) කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වන අවස්ථාවේදී මෙසේ අරලියගහ මන්දිරය වටළා උද්ඝෝෂණය කළ යුතු බව අජිත් පී. පෙරේරා මහතා විසින් නැවතත් සජිත් පිලට යෝජනා කර ඇති බව සඳහන්. 

මේ සඳහා බණ්ඩාරගම ආසනයෙන් 10,000ක සෙනඟක් තමන්ට ගෙන්වීමට හැකි බවත් ඉතිරිය අනෙක් අය විසින් බලාගත යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වූයේ. 

කෙසේවෙතත් මේ පිළිබඳව තවමත් සජිත් පිලේ ප්‍රබලයන් කිහිප දෙනෙක් විරෝධය පළ කර ඇති බව සඳහන්ය. 

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.