Ad

සහයෝගයෙන් වැඩකරමු කාටත් ඉඩ තියනවා: කිරිඇල්ල.


ව්‍යවසාය සංවර්ධන කන්ද උඩරට උරුමය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමාගේ සංකල්පයක් අනූව ක්‍රියාත්මකවන උඩරට උදානය වැඩසටහන යටතේ රුපියල් කෝටි දොලහකට අධික මුදලක්ද යටිනුවර ආසන සංවිදායක ගරු මයන්ත දිසානායක මැතිතුමාගේ විමධ්‍යගත අරමුදල් හා ගම්පෙරළය වැඩසටහන යටතේ රුපියල් කෝටි දහයක මුදලක් ද, යොදවමින් යටිනුවර ආගමික සිද්ධස්තාන සංවර්ධනය කිරීමට කටයුතු කිරීම සම්බන්දයෙන් ගරු මයන්ත දිසානායක මැතිතුමා සහ අමාත්‍ය අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ගේ සේවය ඇගයීම සඳහා උත්සවයක් පසුගියදා දංතුරේ ශ්‍රී බුද්ධරක්ඛිත හිමි අනුස්මරණ ශාලාවේදී පැවැත්විය. ගිහි පැවිදි දෙපාර්ශවයේම සහභාගීත්වයෙන් පැවති මෙම උතසවයේදී බුද්ධ ශාසනයේ චිරස්තිතිය වෙනුවෙන් කරනලද සේවය ඇගයීම වෙනුවෙන් වූ සන්නස් පත්‍රයක් ගරු අමාත්‍යතුමන් වෙත පිලිගැන්වීමද සිදු කෙරිණි. 

මේ අවස්ථාවට සහභාගීවූ ගෝන්දෙනිය පුරාණ විහාරාධිපති මැද්දේගොඩ ඉන්ද්‍රසාර හිමි දැක් වූ අදහස්. 

අතීතයේ අපේ විහාරස්ථාන සංවර්ධනය කරේ පින් හාල් එකතු කරල. මෑත අතීතයේදී අපේ විහාරස්ථානවල සූවිසි පින්කම් කරලා, සම්මාදමේ ගිහිල්ලා තමයි ඉතා සුළු මුදලක් එකතු කරගත්තේ. ඉතිං මේ ක්‍රමය ප්‍රතම වතාවට උඩු යටිකුරු කරලා වෙනස් කරේ අපේ කිරිඇල්ල ඇමතිතුමා. යටිනුවරට විතරක් රුපියල් කෝටි විස්සක් පමණ ආයෝජනය කරලා ආගම ශාසනය දියුණු කරන්න එතුමා කටයුතු කළා. ඒ වගේම මුළු කඳුරට පළාතම ආවරණය වෙන විදිහට එතුමා දැරූ සියලුම අමාත්‍යාංශ හරහා සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක කරපු නිසා තමයි අපේ අස්ගිරි පාර්ශවය මෙතුමාට ගෞරව නාමයක් පිළිගන්වන්නට කටයුතු කළේ. වර්තමාන ජනාධිපතිතුමා පිබිදෙන පොලොන්නරුව ක්‍රියාත්මක කරනවා. හිටපු ජනාධිපතිතුමා නැගෙනහිර උදානය ක්‍රියාත්මක කළා. නමුත් අපේ මහනුවරට තාම මුකුත් නෑ. ඒ නිසා මුළු මහනුවර ජනතා හදවත් දිනාගත්, සංඝරත්නයේ ආශිර්වාදය දිනාගත් ඔබතුමාට අනාගතයේදී ජාතික නායකත්වයක වගකීම් බාරගන්න අපි එක සිතින් ආශිර්වාද කරනවා. ඒත් එක්කම මතක් කරන්න ඕනේ එළැඹෙන ජනාධිපතිවරණයේදී අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාලගේ පාර්ශවයෙන් සියලු ආගම්වල ජාතීන් දිනාගත්, පොඩි මිනිහාගේ හදවත් දිනාගත්, නායකයෙක් ඉදිරිපත් කරලා මේ තියෙන ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කරයි කියලා. 

අබේසුන්දර මැතිතුමාට පසුව මේ යටිනුවරට හිමි පාර්ලිමේන්තු නියෝජනය දිනාගත්තේ අපේ මයන්ත දිසානායක මන්ත්‍රීතුමා. එතුමා සියලු පන්සල් එකම තැනට කැඳවලා ඒ සියල්ලම සංවර්ධනය කරන්න එකවර උපකාර කරන්නට කටයුතු කළා. ඒ නිසා අපි එතුමාටත් එතුමාගේ දේශපාලන ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය ආශිර්වාදය එකතු කරනවා.  

මෙහිදී අදහස් දැක්වූ ගරු අමාත්‍යතුමා සඳහන් කලේ බුදුන් වහන්සේගේ දෙශනා වලට අනූව ආමිස පූජාවට මෙන්ම ප්‍රතිපත්ති පූජාවටද මූලිකත්වය දෙමින් මේ පාලන සමය රට පාලනය කල බවත්, සැකයකින් භීතියකින් තොරව ජනතාවට ජීවත්වීමේ අවකාශයක් මෙම රජයෙන් ගොඩනැගූ බවත්ය. පසුගිය පාලන සමයට සාපේක්ෂව යහපාලන පාලන සමය නීතියේ ස්වාධීනබව ආරක්ෂා කිරීමට කටයුතුකල අතර එකිනෙකා අතර සුහඳත්වය වර්ධනය කරමින් ජාතීන් අතර සමගිය ගොඩනැංවීමට අවශ්‍ය කටයුතු සිදු කල  බවත් ගරු මාත්‍යතුමන් අවධාරණය කළේය. තවදුරටත් අදහස් දක්වමින් ගරු අමාත්‍යතුමා සඳහන් කලේ විසි වසරක් තිස්සේ රටට අහිමිවී තිබූ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට කටයුතු කරමින් තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කරමින් ජනතාවට අවශ්‍ය කරන ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීමට කටයුතු කිරීමට හැකිවීම මෙරට ජනතාව ලැබූ විශාල ජයග්‍රහනයක් බවයි. සිංහල බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ සියලු ජාතීන්වල සියලු ආගම් වල ජනතාවට නිදහසේ ජීවත්වීමට හැකි රටක් ගොඩනැගීම වෙනුවෙන් ඇපකැපවී ක්‍රියාකල බව සඳහන් කලේය. 

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.