බලපෑම් හමුවේ සජිත් විශේෂ ප්‍රකාශය හකුලා ගනී: රනිල් ‌ජ්‍යෙෂ්ඨයන් කැදවයි.


අද (05) පැවැති කුරුණෑගල රැලියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහා පළ කරමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට සජිත් ‌ප්‍රේමදාස මහතා තීන්දු කර තිබුණද ඔහුට හිතවත් මැතිඇමැතිවරුන්ගෙන් එල්ල වූ විශේෂ බලපෑම් හමුවේ එම කතාව ‌නොකිරීමට අවසන් ‌‌මොහොතේදී ප්‍ර්‍රේමදාස මහතා තීන්දු ‌කොට ඇත.

ඊ‌යේ (04) දිනයේදී වික්‍රමසිංහ මහතා ‌වෙත විශේෂ පණිවුඩයක් එවමින් සජිත් ‌ප්‍රේමදාස මහතා දැනුුුුම් දී තිබුණේ වික්‍රමසිංහ මහතා සමග එක්ව ඉදිරියට ගමන් කරන බවට ප්‍රකාශයක් කුරුණෑගල රැලියේදී සිදු කරන බවකි.

නමුත් ‌මේ බව වාර්තා වීමත් සමග ‌ප්‍රේමදාස පිලේ සාමාජිකයන්‌ගේ දැඩි බලපෑම් මත එම ප්‍රකාශය සිදු කිරී‌මෙන් වැළකී සිටීමට ‌ප්‍රේමදාස මහතා කටයුතු ‌කොට ඇති බව දැනගන්නට ඇත.

රනිල් ‌හෙට 10ට පක්ෂ ‌ජ්‍යෙෂ්ඨයන් කැදවයි

මේ අතර හෙට (06) දින ‌පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයට පැමිණෙන ‌ලෙසට පක්ෂයේ සියලුම ‌ජ්‍යෙෂ්ඨ මැතිඇමැතිවරුන්ට දැනුම් දීමට රනිල් වික්‍රමසිිංහ මහතා අද (05) දිනයේ කටයුතු ‌කොට ඇත.

ඒ අනුව ‌හෙට දිනයේදී වික්‍රමසිංහ මහතා තමන් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගනු ලැබූ තීන්දුව පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දීමට නියමිත බව දැනගන්නට ඇත.

අප අද (05) දිනයේදී විශේෂ පුවතක් පළ කරමින් කියා සිටියේ ඊ‌යේ රාත්‍රියේදී වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දුවක් ‌ගෙන ඇති බවකි.

No comments:

Ad
Powered by Blogger.