Ad

එජාපයේ මහනුවර දිනන සටන ඇරඹෙයි.


2020 ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පෙරමුණ සහ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා  දිනවීමේ සටනේ මහනුවර දිස්ත්‍රික්කයේ මෙහෙයුම් කටයුතු මහනුවර දිස්ත්‍රික් නායක අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මහතාට භාර දී ඇති අතර ඊයේ 27 පෙරවරුවේ ඔහු ජනාධිපතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් තරඟ වදින සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු මහනුවරින් ආරම්භ කළේය. 

ඊයේ පෙරවරුවේ එක්සත් ජාතික පක්‍ෂයේ මහනුවර දිස්ත්‍රික් කාර්‍යාලයට සියලුම ආසන සංවිධායකවරුන් කැඳවා තිබූ අතර එහිදී ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණට ජය හිමි වන අයුරින් කටයුතු කරන ආකාරයත් මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන ආකාරය කරවන ආකාරය ගැනත් දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරී ඇති අතර ආසන සංවිධායකවරුන්ට ඇති ප්‍රශ්නවලට මෙහිදී විශේෂ අවධානයක් යොමු වී ඇති බව වාර්තා වේ.

සියලු ජන කොටස් සමගියෙන් ජීවත් වන එක්සත් ජාතික පක්‍ෂයට වාසි වැඩි අපරාජිත දිස්ත්‍රික්කයක් වශයෙන් ප්‍රසිද්ධ මහනුවර දිස්ත්‍රික්කය පසුගිය ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරවීමට උර දුන් සියලු දෙනාට මෙහිදී සභානායකවරයාගේ විශේෂ ස්තුතිය හිමි වී ඇත. 

එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයෙකු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති බැවින් පසුගිය ජනාධිපතිවරණයේදී මෙන් කිසිවෙකුටත් සිය වගකීම් වලින් මඟහැර සිටීමට නොහැකි බවද පෙන්වාදී ඇති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා සියලු වාද භේද ඉවත දමා එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රාහී මාවතකට ගෙන යාම සඳහා සියලු දෙනාගේම සහාය ලබා ගන්නා ලෙසද ඉදිරි ජනාධිපතිවරණය පෙරමුණක් සේ තරඟ  කිරිමට තීරණය  කර ඇති බැවින් ඒ සදහා සූදානම් වන ලෙසත් පවසා ඇත. 

එමෙන්ම  කොළඔදී පැවැත්වීමට නියමිත මංගල රැළිය සඳහා වැඩිම පිරිසක් සහභාගී කරවීම පිළිබදවද ආසන සංවිධායකවරුන් දැනුම්වත් කර ඇති බව වාර්තා වේ. 

මෙම සාකච්ජා මාධ්‍යයට විවෘත නොවූ අතර එම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂ පක්ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබුණි. 

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.