ඇල්පිටිය දිනවන්න හරීන් 'නායක' බිල්ලක් ඉල්ලයි: සජිත්වත් කපයි?


තමන්ට පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර ලබාදෙන්නේ නම් ඔක්තෝබර් 11 වනදා පැවැත්වීමට නියමිතව ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට තමන්ට හැකි බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇතැයි 'ලංකා නිවුස් වෙබ්' වෙබ් අඩවිය වාර්තා කරයි.

එජාප ජ්‍යේෂ්ඨයින් කිහිප දෙනෙකු සමඟ පසුගියදා පැවති හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇති අතර පක්ෂ නායකත්වයට මේ යෝජනාව ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නියෝජ්‍ය නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතාය.

2018 පෙබරවාරි මාසයේ පැවති මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ සෙසු පළාත් පාලන ආයතනවල ඡන්ද ප්‍රතිඵලය අනුව පුරෝකථනය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇල්පිටියේදී 49.76%ක ඡන්ද ප්‍රතිශතයක් ලද හැකි බවටයි. එක්සත් ජාතික පෙරමුණට 26.22%ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 11.75%ක්, ජනතා විමුක්ති පෙරමුණට 6.17%ක් සහ සෙසු පක්ෂවලට 4.48%ක් වශයෙන් ඡන්ද බෙදී යනු ඇති බවටයි එහිදී පුරෝකථනය කර ඇත්තේ. 

මෙම සංඛ්‍යාලේඛන පෙන්වමින් හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට මේ ප්‍රතිඵලය උඩු යටිකුරු කිරීමට හැකි බවයි.

[LNW]

No comments:

Ad
Powered by Blogger.