spotscenered.info, 14856, DIRECT pubmatic.com, 51616, RESELLER, 5d62403b186f2ace මහින්ද - ගෝඨාභය සටනේ පෙරනිමිති: ජී.එල්. සහ සරත් ඉවත් කරන්නැයි මහින්දගෙන් නියෝගයක්! - Info Sri Lanka News | Sinhala

මහින්ද - ගෝඨාභය සටනේ පෙරනිමිති: ජී.එල්. සහ සරත් ඉවත් කරන්නැයි මහින්දගෙන් නියෝගයක්!


මහාචාර්ය ජීල්. එල්. පීරිස් සහ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා යන මහත්වරුන් දෙදෙනාව වහාම තමන්ගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීති උපදේශන කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් නියෝග කර ඇතැයි වාර්තා වේ. 

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලපොපෙ මහලේකම් සාගර කාරියවසම් මහතාට නියෝග කර ඇත්තේ ජී.එල්. සහ සරත් සිල්වා වෙනුවට දක්ෂ තරුණ නීතිවේදීන් කණ්ඩායමක් බඳවා ගන්නා ලෙසයි. 

ජී.එල්. සහ සරත් සිල්වා වැන්නන් එකතැන් පල්වෙන කල් ඉකුත්වී ගිය පුද්ගලයින් බව පෙන්වා දී ඇති මහින්ද රාජපක්ෂ මහතා නීති යනු ස්ථාවර ඒවා නොවන බවත් ඒවායේ නව මානයන් සොයා යාමට සහ පවතින නීතිවල සිදුරු අතරින් රිංගා යාමට හැකියාව ඇති තරුණයින් මේ මොහොතේ තමන්ට අවශ්‍ය බවත් දැනුම් දී තිබේ. 

මෙය පක්ෂය තුළ මහින්ද - ගෝඨාභය සටන ආරම්භයේ පෙරනිමිත්තක් බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.