රනිල් අලුතින් දිස්ත‍්‍රික් නායකයන් පත් කරයි: සජිත් පිල 'යූ ටර්න්' ගහන ලකුණු!


මීළඟ ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රට පුරා සියලු දිස්ත්‍රික්වලට දිස්ත්‍රික් නායකයන් 25 දෙනකු පත් කිරීමට නියමිත බව සිරිකොත ආරංචි මාර්ග කියා සිටියි.

ජනාධිපතිවරණ කටයුතු සම්බන්ධීකරණය කිරීමට මෙම දිස්ත්‍රික් නායකයන් පත්කරනු ලබන අතර රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසවන්ත පුද්ගලයන් මෙසේ දිස්ත්‍රික් නායක තනතුරට පත්කරනු ඇත.

ඇමති සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිරිස් එම දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් කිරීමට ඉඩ ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතාටත් දැනට පක්‍ෂපාතීව කටයුතු කරන පිරිස් දිස්ත්‍රික් නායක ධුරවල එසේම සිටිනු ඇත.

කෙසේ නමුත් මෙම පුවත සැලවීමත් සමඟ සජිත් පිල සමඟ සිටින දිස්ත්‍රික් නායකයන් කිහිප දෙනෙක් තීරණාත්මක මොහොතේ අගමැතිවරයා වෙත සහය දක්වන බවත් තම දිස්ත්‍රික් නායක ධූරයන් ඉවත් නොකරන ලෙස ඉල්ලා ඊයේ ඇමතුම් ලබා දී ඇති බව ද වාර්තා වේ.

ඇල්පිටියේ ඡන්දය දිනවන්න වැඩ කරන්න

මේ අතර ජනාධිපතිවරණයට පෙර ලබන මස 11 වනදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන හෙයින් අනෙක් සියල්ල පසෙක තබා පක්ෂයේ සම්පූර්ණ ශක්තිය එය ජයග්‍රහණය කරවීම සඳහා යෙදවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අවධාරණය කර තිබේ. 

තනි පළාත් පාලන ආයතනයක මැතිවරණ ප්‍රතිඵලයකින් සමස්ත ජනාධිපතිවරණයක් පිළිබඳ අනාවැකි කීමට නොහැකි වුවත් මෙම මැතිවරණයෙන් එජාපය දැඩි පසුබෑමකට ලක්වුවහොත් එය අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණ ප්‍රතිඵලයට ද බලපාන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ. 

එහෙයින් කණ්ඩායම් වශයෙන් බෙදී තවමත් ප්‍රකාශයට පත්වී හෝ නොමැති ජනාධිපතිවරණයක් ගැන වාද විවාද කරගන්නවා වෙනුවට පක්ෂයක් ලෙස එකට එකමුතුවී අත ළඟ තිබෙන ඇල්පිටිය මැතිවරණය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සියල්ලන්ම කැපවිය යුතු බව ඒ මහතා අවධාරණය කර ඇත. 

ඒ අනුව තැන් තැන්වල රැස්වීම් තබමින් පක්ෂය අසමගි කරවීම නොව පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන් එක්ව, මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ඉතිරි වී ඇති මාසයක කාලය නිශ්චිත දින වශයෙන් වෙන්කරගෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ගෙන් ගෙට ගොස් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව වාර්තා වේ. 

මෙම මැතිවරණය ජයග්‍රහණය කරා මෙහෙයවන මෙන් අග්‍රාමාත්‍යවරයා විසින් සජිත් ප්‍රේමදාස මහතාට භාරදී තිබුණ ද සජිත් පාර්ශ්වය ඊට කිසිදු සැලකිල්ලක් නොදක්වා ඔවුන්ගේ කණ්ඩායම ශක්තිමත් කරගැනීම පමණක් කෙරෙහි අවධානය යොමුකර තිබුණු අතර අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාට ම ඊට මැදිහත් වීමට සිදුව තිබේ. 

1 comment :

  1. huththige putho mahindath epa kiwwe thun paarak illapu nisa ranil paspparak agamathi wela thiyenawa pakse kaduwe ranil misak sajith nevei sajithta dan unath agamathi kama ganna puluwan amana balla

    ReplyDelete

Ad
Powered by Blogger.