සජිත් පිළේ, සිරිසේනට නොදෙන කතාවෙන් අර්බුධයක්: මාධ්‍ය ලොක්කෙක්ගෙන් දෝස් මුරයක්!


සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරයා ලෙස පත් වුවහොත් කිසිසේත්ම මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපති අගමැති ධුරය ලබා නොදෙන බව එක්සත් ජාතික පක්ෂය සජිත් පිලේ ප‍්‍රබලයන් ගණනාවක්ම සදහන් කර සිටිති.

අජිත් පී පෙරේරා රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත්ම සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා වුවහොත් අගමැති ධුරය ලබා නොදෙන බවයි.

සජිත් ප්‍රේමදාස මහතා ද එජාප පළාත් පාලන නියෝජිත හමුව අමතමින් සඳහන් කරන ලද්දේ තමන් ජනාධිපති වූ පසු අගමැති ධුරයට පත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් පුද්ගලයෙකු බවයි.

මෙම සිදුවීමත් සමඟ ජනාධිපතිවරයා හරහා එජාපයට පහර දෙන එක්තරා මාධ්‍ය ආයතන හිමිකරුවෙක් විසින් ප්‍රබලයන් කිහිපදෙනෙක්ට ම දුරකතන ඇමතුම් ලබා දෙමින් බැන වැදී ඇති බවට වාර්තා වේ.

කෙසේ නමුත් මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත්ම ජනාධිපති අපේක්‍ෂකත්වය හෝ අගමැති අපේක්‍ෂකත්වය ලබා නොදෙන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණද සදහන් කර ඇත.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.