සජිත් වෙනුවට රනිල්ගෙන් විකල්ප අපේක්ෂකයෙක්!


පක්ෂ අර්බුදය හමුවේ සජිත් ප්‍රේමදාස පාර්ශවය එක්සත් ජාතික පක්ෂයෙන් පරිභාහිරව වෙනත් පාර්ශ්වයකින් ඉදිරිපත් වුවහොත්  ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ ජනපති අපේක්ෂක ලෙස පාඨලී චම්පික රනවක මහතාත් අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාත් ඉදිරිපත් කොට පුලුල් සන්දානයකින් ජයග්‍රහණය කිරීමට කටයුතු කරමින් යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අතිශය විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් සඳහන් කර සිටිනවා.

රනිල් වික්‍රමසිංහ මහතා 1994 වසරේ සිට මේ දක්වා එක දිගට පක්ෂ නායකත්වය ධරන අතර පක්ශ නායකත්වය මෙන්ම තම දේශපාලනය දිවිය බන්දේසියක තබා වෙනත් පාර්ශ්වයකට ලබාදීමට කිසිදු ලෙසකින් කටයුතු නොකරන බව පසුගිය දා මාධ්‍ය වාර්තා පලවිය. කෘත්‍යාදිකාරි මන්ඩලයෙ බහුතර කැමැත්ත තවමත් රනිල් වික්‍රමසිංහ  මහතාට හිමි අතර සජිත් පාර්ශ්වය වෙනම ගැලවීමට උත්සාහ කලහොත් පාටලී චම්පික රනවක මහතා ජනපති අපේක්ෂකයා ලෙස  කකෘත්‍යාදිකාරි මන්ඩලයෙන් සම්මත කර ගැනීමට රනිල් සමත් වනු ඇති බවද එම විශ්වාස කටයුතු තොරතුරු සනාත කරයි.

එමෙන්ම පාටලී චම්පික මැතිතුමා හරහා සිංහල බෞද්ධ මෙන්ම මාධ්‍ය පාන්තික අතරමැදි ජනතාවගේ බහුතර ආකර්ශනය දිනා ගැනීමට හැකි වේ යැයි බලාපොරොත්තු වන අතර ලක්ශ 30 ක් පමන වන පාවෙන මෙන්ම මධ්‍ය පාන්තික ඡන්ද වලින් අතිශය බහුතරය පාටලී රනිල් ප්‍රමුක සංධානය දිනා ගැනීමට හැකි වෙතයි බලාපොරොත්තු වේ .එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා හරහා දමිල මුස්ලිම් වැඩි ජනතාවගේ ආකර්ශනය මෙම යෝජිත නව සංධානය ලබාගැනීමට අපේක්ෂා කෙරේ. සජිත් ප්‍රේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතා ගේ ආශිර්වාදය නොමැතිව වෙනම පාර්ශ්වයක් ලෙස ඉදිරිපත් වුවහොත් මුල් සති දෙක තුලම සජිත් ප්‍රේමදාස  මහතාගේ මැතිවරණ ව්‍යාපාරය පාටලී චම්පික මහතාගේ මැතිවරණ ව්‍යාපාරය හමුවේ බිද වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ඒ මගින් එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ අතිමහත් බහුතරය මැතිවරණ ව්‍යාපාරය අතර තුර පාටලී රනිල් සංධානයට එකතුවී ගෝටාභය රාජපක්ෂ මහතාව පහසුවෙන් පරාජය කිරීමට හැකි වටපිටාවක්  ගොඩ නැගෙනු ඇත. සජිත් ප්‍රේමදාස මහතා වටා සිටින මන්ත්‍රීවරුන් නිතැතින්ම එවිට පාටලී රනිල් ප්‍රමුක ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය වටා ගොනු වනු ඇත.පසුගිය මාසයේ පාටලී චම්පික මැතිතුමාගේ සියලු විවෘත්ත කිරීම් වලට රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ අතර මහරගම එක්සත් ජාතික පෙරමුනේ සංවිධායක වරයා ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාටලී චම්පික රනවක මහතාව පත් කෙරින.එමෙන්ම පසුගියදා යාපනයේ විවෘත්ත කිරීම් කිහිපයකට රනිල් වික්‍රමසිංහ මහතා සහ පාටලී චම්පික මැතිතුමා සහභාගී වීම කැපී පෙනේ.පාටලී චම්පික මහතාගේ ෆේස් බුක් පිටුව තුලින්ද රනිල් වික්‍රමසිංහ මහතාට වෙනදා දක්නට නොලැබුනු  වැඩි ස්ථානය​​ක් හිමිවන බව නීර්‍ර්ක්ශනය වේ.

මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිදාරියෙක් වන පාටලී චම්පික මහතාට අපොස සාමාන්‍ය පෙල හා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උපාධි ලියාපදිංචිය පමනක් හිමි සජිත් ප්‍රේමදාස මහතාව අභීයෝගයක් නොවන එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.සජිත් පාර්ශවය ඇති එකම විකල්පය වන්නේ සජිත් ජනපති මෛත්‍රී අගමැති පැකේජය වන අතර එසේ වුවහොත් ජනපති අපේක්ෂකයා මෙන්ම අගමැති අපේක්ෂකයාද අපොස සාමාන්‍ය පෙල නිසිලෙස සමත් නොවුනු පුද්ගලයින් දෙදෙනෙකු වනු ඇත.

[විශේෂ වාර්ථාකරුවෙක් විසිණි)

1 comment :

  1. umbe ammata hikuwada kari vesige putha boru dala sajith dinuwama kohomath thope ata thalanawa ahuvenna epa awrudu 25 indala dinanna bari vechcha vanda ponnaya

    ReplyDelete

Ad
Powered by Blogger.