සිරිසේනගේ ඒකාධිපති නැටුම උච්ච වේ: ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට!


ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතට පවරා ගෙන ඇත.ඒ රූපවාහිණී සංස්ථාව ජනමාධ්‍ය අමාත්‍යාංශය ටෙන් ඉවත් කොට ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීමෙනි.

එය පවරා ගෙන ඇත්තේ අද අති විශේෂ ගැසට් පත්‍රය ක් මගිනි.

රූපවාහිනී සංස්ථාව,ගුවන් විදුලි සංස්ථාව,ස්වාධීන රූපවාහිනිය මෙන්ම ලේක් හවුස් ආයතනයද මෙතෙක් කල් අයත්ව තිබුණේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේය.

රුවන් විජේවර්ධන මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් වහාම මෙම ආයතනයන්ට නව සභාපති වරුන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයන් පත් කිරීමට කටයුතු කළ අතර ජනාධිපතිවරයා ගේ මැදිහත් වීමෙන් එම කටයුතු ඇමැතිවරයාට සාර්ථකව ඉටු කර ගැනීමට නොහැකි විය.

විශේෂයෙන් ම ලේක් හවුස් ආයතනයට සහ රූපවාහිනී සංස්ථාවට නව සභාපතිවරු පත් කිරීමට යාමේදි ජනාධිපතිවරයා මැදිහත්ව ඒව වළක්වා තිබුණි.

නමුත්න ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා රූපවාහිණී සංස්තාවේ වෘත්තීය සමිති සහ සේවකයන්ගේ දැඩි ඉල්ලීම.මත එහි සභාපතිවරිය ඉවත් කිරීමට අවස්ථා ගණනාවකදී උත්සාහ ගෙන තිබුණද එය වැළක්වීමට ජනාධිපතිවරයා කටයුතු යොදා ගෙන තිබුණි.

ජනමාධ්‍ය ඇමැතිවරයා පළමුව රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂක ජනරාල් වරයා අමාත්‍යවරයාට ඇති බලතල යොදාගෙන් ඉවත් කිරීමට කටයුතු කළ නමුත් එයද ජනාධිපතිවරයා මැදිහත්ව වළක්වන ලදි.

පසුව අමාත්‍යවරයා රූපවාහිණී සංස්ථාව සදහා ක්‍රියාකාරි අධ්‍යක්ෂක වරයෙකු ලෙස සංජිව ගුණවර්ධන මහතා පත් කළ නමුත් සංස්ථාවේ සභාපතිවරියත්,අධ්‍යක්ෂක ජනරාල්වරයා ඔහුට කටයුතු කිරීමට ඉඩ ලබා නොදී තිබුණි.

රූපවාහිණිය වෙනුවෙන් අගමැති උපදේශක,නීතීඥ සුදර්ශණ ගුණවර්ධන ද ඉන් පසුව මාධ්‍ය වේදී ශාන් විජේතුංග මහතාද පත් කිරීමට කටයුතු කළ නමුත් එම පත් කිරීම් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කෙරුණි.

පසුව රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස එතෙක් එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ වරයාලෙස කටයුතු කළ සංජීව ගුණවර්ධන මහතා පත් කලද ජනාධිපතිවරයා ගේ උපදෙස් මත ඔහුට වැඩ බාරදීමට සභාපතිණිය ලෙස කටයුතු කල ඉනෝකා සත්‍යාංගනී මහත්මිය කටයුතු නොකලාය.

රූpaඅවාහිණී සංස්තාව දැඩි මූල්‍ය අර්බුද යකට මුහුණ දෙමින් එහි සේවක වැටුප් පවා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයන් සැළකිල්ලට ගණිමින් ජනමාධ්‍ය ඇමැතිවරයා නැවතත් රූපවාහිනී සංස්ථාවට නව සභාපතිවරයෙකු පත් කිරීමට පසු ගියදා කටයුතු කළේය .

සේවක වෘත්තිය සමිති වලද එකගතාවය මත එසේ සභාපතිවරයා ලෙස පත් කළේ සංස්ථාවේ පැරණි සේවකයෙකු මෙන්ම දක්ෂ රූපවාහිණී නිර්මාණ ශිල්පියෙකුද වූ ස්වාධීන රූපවාහිනී සේවයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරායා ලෙස කටයුතු කළ කැළුම් පාලිත මහීරත්න මහතායි.

එහෙත් ඔහුට ද වැඩ බාරදීමට සභාපතිනිය කටයුතු නොකළ අතර සේවක උද්ඝෝෂණ යන් හි ප්‍රතිපල මත සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී ට වැඩ කටයුතු වල යෙදීමට නිහැකි තත්ත්වයක් ඇතිවී තිබුණි.

මේ තත්වය ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ ඔහුගේ හිතවතියක් ලෙස කටයුතු කරන ඉනෝකා සත්‍යාංගනී බේරා ගැනීමට මැදිහත් වීම ට යැයි පවසමින් සේවකයෝ විරෝධතාවයන් හි යෙදී තිබුණි.

විශේෂ ත්වය වනුයේ වර්තමාන ජනමාධ්‍ය අමාත්‍යවරයාට ඉවත් කිරීමට නිහැකිව සිටින රූපවාහිනී සංස්ථාව, ලේක් හවුස් ,ස්වාධීන රූපවාහිණී ආයතනය යන ආයතනය න් හි සභාපතිවරු පත් කර ඇත්තේ එජාපයේම ඇමැතිවරයෙකු වන හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වීමයි.

No comments:

Ad
Powered by Blogger.