අමරවීර බොරු කියලා: පොහොට්ටුවට තොන්ඩාගේ සහය තවම නැහැ!


ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂය ගෝඨාබය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් පොහොට්ටු පක්ෂය සමග එක්වන බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බව ලංකා කම්කරු කොන්ග්‍රසය අවධාරණය කරයි.

එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති හා භාණ්ඩාගාරික එම්. රමේෂ්වරන් මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් මේ බව අවධාරණය කළේය.

ඔවුන් තව දුරටත් සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත්, කිනම් අපේක්ෂකයාට සහාය ලබා දෙන්නේදැයි තීරණය කර නැති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු තම පක්ෂයේ පුර්ණ සහයෝගය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ලබාදෙන බවට කර ඇති ප්‍රකාශය ද පදනම් විරහිත බව ඔහු කියා සිටී.

එම අපේක්ෂකයන් දෙදෙනා සමග තවදුරටත් සාකච්ඡා කර තම පක්ෂයේ විධායක සභාව එක්රැස් වි වැඩි දුරටත් සාකච්ඡා කර අවසන් තිරණයක් ගෙන පක්ෂයේ ස්ථාවරය මේ මස 13 වැනිදා ප්‍රකාශයට පත් කරන බව රමේෂ්වරන් මහතා කියා සිටියේ.

පුටුවෙන් එනවා - දයාසිරි

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් බලයට පත් නොවිය යුතු පුද්ගලයෙක් ජනාධිපති ධුරයට පත්වීමට ඉඩ තිබෙන බව එම පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවකුට පාවා නොදෙන බවද සඳහන් කළේය.

ඒ නිසා රටට ආදරය කරන, රටේ සම්පත් විකිණීම ප්‍රතික්ෂේප කරන, ජාතිකවාදී බලවේගයකට සහය දීමට තීරණය කළ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

වමේ ප්‍රගතිශීලී බලවේග සමග ගමන් කරන ගෝඨාභය රාජපක්ෂට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළේ පක්ෂයේ අනන්‍යතාව ගෞරවය රැක ගනිමින් බවත් පැවසූ දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව කටයුතු කළ කිසිදු තැනැත්තෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවද ප්‍රකාශ කළේය.

ප්‍රගතිශීලී බලවේග සමග නව ආණ්ඩුවක් පිහිටුවා රට ඉදිරියට ගෙන යන බවත් කී ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමේ ක්‍රියාවලිය ජනාධිපතිවරණයෙන් පසු ආරම්භ කරන බවද ප්‍රකාශ කළේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.