Ad

ශ්‍රීලනිප-පොහොට්ටු ගිවිසුමේ රහසක් එළියට


තම පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) අතර  2019 ඔක්තෝම්බර් මස 10 දා කොළඹ දී ඇතිකර ගනු ලැබූ අවබෝධතා ගිවිසුමට අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බරපතල අසාධාරණයක් සිදුව ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසිය.
එම අවබෝධතා ගිවිසුමේ 12 වගන්තියට අනුව, ජනාධිපතිවරණයෙන් පසුව එළඹෙන ජාතික, පළාත් හා පළාත් පාලන මැතිවරණවලදී  ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය මගින් ඉදිරිපත් කරනු ලබන මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවන් හි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එම පක්ෂය 2018 පළාත් පාලන මැතිවරණයේදී ලබාගන්න ලද ඡන්ද පදනම සැලකිල්ලට ගනිමින් ප්‍රමාණාත්මක හා සාධාරණ නියෝජනයක් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වී ඇත.
මෙම ගිවිසුම් මෙතෙක් රහසක්ව තබා ගැනීමට දෙපාර්ශවයේ ප්‍රධානින් එකඟවී ඇත්තේ එම ගිවිසුමේ ශ්‍රීලනිපයට අවාසිදායක වූ මෙවැනි අසාධාරණ කොන්දේසි පනවා තිබීම නිසා බවද එම මන්ත්‍රීවරයා කියා සිටියේය.
 එසේ 2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපල අනුව අනාගතයේ දී ශ්‍රීලනිපයට දෙන කොටස තීන්දු කිරීම බලවත් අසාධාරණයක් බවත් මේ හරහා පක්ෂය ඉබේම දියවියාමේ අනතුරක් ඇති බවත් අප වෙත තොරතුරු ලබාදුන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.