පුටුවේ ආරම්භයට මහින්දත් නෑ: ‌මෛත්‍රිත් නෑ


ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා තවත් පක්‍ෂ 15ක් අතර වන අවබෝධතා ගිවිසුම අද (31) පෙරවරුවේ අත්සන් තැබුණද ඊට නව සන්ධානයේ සමසභාපතිවරුන් වන ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් සහභාගී ‌නොවීම විශේෂ සිදුවීමක් විය.
ඊට ‌පොදුජන ‌පෙරමුණ නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වී සිටිනු දැකගත හැකි විය.
කොළඹ පදනම් ආයතනයේදී අත්සන් තැබුණු ‌මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස ඉදිරි මැතිවරණවලදී පුටුව ලකුණින් තරග කිරීමට මෙහිදී එකගතාවයට පැමිණ තිබිණ.

No comments:

Ad
Powered by Blogger.