Ad

සිංගප්පූරු සිහින විකුණන රටක පීඩිත මිනිසුන්ගේ හද ගැස්ම කියවූ මිනිසා


එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (unisef) පල කොට ඇති වාර්තාවකට අනුව ලංකාවේ වැඩිවියට පත් පාසල් දැරියන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් මාසික ශුද්ධිය සිදුවන කාලය ඇතුළත පාසල් නොයන බව සදහන් කොට ඇත. කරුණු එසේ නම් වැඩකරන රටක් ගැන පාරම්බාන මිනිසුන් පාට කන්නාඩි ගලවා දමා දියණියන්ගේ ගැටලුව දෙස බැලිය යුතු නොවේද?
යුනිසෙෆ් ආයතනයේ වාර්තාව අනුව ලංකාවේ පාසල් දැරියන් ඔවුන්ගේ ඔසප් චක්‍රය තුල පාසලට පැමිණීමේ දී විවිධ අභියෝගයන්ට මුහුණ දී සිටියි. ඔසප් කාලය තුල රුධිර වහනය කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම ඉන් ප්‍රධානය.
දියණියන්ගේ පාසැල් නොයාම සමස්ථ ජනගහනයට සාපේක්ෂව විශාල එකකි. හෙට දිනයේ රට බාරගන්නේ ඔවුන් නම් රටේ අනගතයට ඉන් සිදුවන හානිය අතිමහත්ය. සමස්ථයක් ලෙස ගත් කල ලංකාවේ කාන්තාවන් අතරින් සනීපාරක්ෂක තුවා භාවිතා කරන්නේ 30% කි. ඉතිරි කාන්තාවන් අවදානම්කාරී ලෙස සිය ඔසප් වහනය පාලනය කර ගන්නේ විෂබීජ සහිත රෙදි, පුළුන් වැනි දෑ වලිනි. අවසානයේ ගැබ් ගෙල පිළිකා, ප්‍රජනන අවයව වල ආසාදන වැනි අනි‍ටු පලවිපාක වලට මුහණ දෙයි.
කාන්තාවකගේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය දෙයක් වන සනීපාරක්ෂක තුවා ශ්‍රී ලංකාව තුල තවමත් සුඛෝපභෝගී අංගයකි. දියනියන් දෙදෙනෙකු සහ මවක සිටින පවුලකට සනීපාරක්ෂක තුවා වෙනුවෙන් මසකට 1500 ක පමන මුදලක් වැය කල යුතුය .
දරන්න බැරි වේදනාවක් යටි බඩෙනුත් හිසෙනුත් පිටවෙද්දී එය උහුලාගෙන ජීවිත අරගලයේ යෙදෙන ඇය දෙස අප මීට වඩා සංවේදීව බැලිය යුතු නොවන්නේද?
හෙට දවසේ සජිත් හෝ ගෝටාගෙන් කවරෙකු හෝ දිනනු ඇත.නමුත් ශිල්ප සොයා කි.මී ගනනක් දිනකට පයින් යන දියනියන් එලෙසම පයින් යනු ඇත. අදුරට ශාප කරනවාට වඩා පහනක් දැල්වීම් යහපතකි . මැතිවරණ වේදිකාව යනු විවේචනාත්මක රංග පීඨයකි. නමුත් විවේචනයේ මානුෂික මුහුණුවර ‍රැකීමට යුතුකමක් ඇත . මහා තාක්ෂණික විප්ලව ගැන පොරොන්දු දෙන වේදිකාවක පීඩිතයන්ගේ සුසුම සජිත්ගේ හදවතට දැනීම යහපතකි.
සජිත් කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන බව කියන විට ඊට කෝචොක් දැමිය හැක්කේ නරුමයෙකුට පමණි. ඒ කෝචොක් පාර හරිද කියා අම්මාගෙන්, බිරියගෙන් හෝ සොයුරියගෙන් විමසා බලනු මැනෙවි
තුෂාරා වන්නිආරච්චි



No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.