ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සීයට හැත්තෑවකින් දිනනවා: ගීතා.


ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියයට හැත්තෑවක ඡන්ද ප්‍රතිශතයක් සමඟින් ජයග්‍රහණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇල්පිටිය ආසන සංවිධායිකා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි. 

එසේම එහි කොට්ඨාශ 17ම තම පක්ෂය ජයග්‍රහණය කරන බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය. 

වත්මන් රජයේ පාලනය යටතේ පීඩාවට පත්ව සිටින ජනතාවට සිය පීඩනය පිටකිරීම සඳහා මෙය හොඳ අවස්ථාවක් වී ඇති බවයි ඒ මහත්මිය සඳහන් කළේ. 

තමන්ගේ මන්ත්‍රී ධුරය අහිමි කළත් 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී බෙන්තර - ඇල්පිටිය ආසනය වැඩි ඡන්ද 13500කින් ගයන්ත කරුණාතිලක මහතා පරාජයට පත්වූ බව සිහිපත් කළ ඒ මහත්මිය ඔහු මෙම ප්‍රාදේශීය සභා මැතිවරණය ජයග්‍රහණය කරා යොමු කරවන්නේ කෙසේදැයි ප්‍රශ්න කළාය. 

No comments:

Ad
Powered by Blogger.