ගෝඨාගෙන් ‌මෛත්‍රීට කතානායකකම.

සිය ජයග්‍රහණයෙන් අනතුරුව ජනාධිපති ‌‌මෛත්‍රිපාල සිරිසේන මහතා හට පාර්ලිමේන්තුවේ කතානායක ධුරය ලබා දීමට ‌පොහොට්ටුවේ ජනපති අපේකෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතා එකගතාව පළ ‌කොට ඇත.

ශ්‍රීලනිපය හා ‌පොහොට්ටුව සන්ධානගත වීමට ‌පෙර ‌ගෝඨාභය හා ‌මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් අතර පැවැති සාකච්ජාවලදී ‌මෙම එකගතාවය ඇති කර ‌ගෙන තිබේ.

මෙම එකගතාව ‌පොහොට්ටු ශ්‍රීලනිප ගිවිසුමට වගන්තියක් ‌ලෙස ඇතුළත් කිරීමටද ‌දෙපාර්ශ්වය කටයුතු ‌කොට ඇති බව පැවසේ.

ඒ අනුව යම් ‌හෙයකින් ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණය ජයගතහොත් පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ‌ලෙස ‌මෛත්‍රිපාල සිරිසේන මහතා පත්වනු ඇති බව දැනගන්නට ඇත.

No comments:

Ad
Powered by Blogger.