ගම්මන්පිල සහ විමල් පව්: බලය බෙදීමට කැපවන බවට බැසිල්ගෙන් පොරොන්දුවක්!

එළඹෙන ජනාධිපතිවරණයට විදෙස් පාර්ශ්වයකින් බලපෑම් එල්ල නොවනු ඇතැයි තමා විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

"හින්දු " පුවත් පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ මහතා පවසා 2015 දී ආණ්ඩු වෙනසක් කිරීමට කිසිවකුට හෝ අවශ්‍යතාවක් මතු වූයේ නම් එම අඩුපාඩු මොනවාදැයි මේ වන විට මැනවින් අවබෝධ කරගෙන ඇති බවයි.

"හින්දු" පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ 2015 දී තම ආණ්ඩුව වෙනස් කිරීමට ඉන්දියාව හෝ වෙනත් රටක් විපක්ෂයට සහාය පළ කළ බවට පෞද්ගලිකව තමා සතුව සාක්ෂි නොමැති බවයි.

ශ්‍රී ලංකාවේ අංක එකේ මිතුරා සහ අසල්වැසියා ලෙස,ආරක්ෂක සහ දේශපාලනික කාරණාවලදී ඉන්දියාව සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවත් එලෙසම ආර්ථිකමය කටයුතු වලදී චීනය සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමද අවශ්‍ය බවයි ඔහු පවසා ඇත.

ජනාධිපතිවරණය පිළිබඳ නැගුනු ප්‍රශ්නවලදී බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට දෙමළ ජනතාවගේ ඡන්දය තීරණාත්මක සාධකයක් බවයි.

රටේ ජාතික ප්‍රශ්නයට විසඳුම් දීම සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් එය ජනතාවට තීරණය කිරීමට ඉඩ දිය යුතු බව ද ඔහු පවසා තිබේ.

බලය විමධ්‍යගතකිරීම සඳහා තම පක්ෂය සිය උපරිම කැපකිරීමෙන් ක්‍රියා කරන බවද බැසිල් රාපක්ෂ මහතා පෙන්වා දෙයි.

2015 න් පසු ජනාධිපතිවරයාගේ බලතල අඩු වීමකට ලක් ව තිබීම පිළිබඳ මාධ්‍යෙව්දිනිය විමසා සිටි අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ එවන් තත්ත්වයක් යටතේ වුවද අග්‍රාමාත්‍යවරයා ලෙස ආණ්ඩුවේ ප්‍රධානත්වය වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ලැබෙන බැවින් එහි ගැටලුවක් මතු නොවන බවයි.

No comments:

Ad
Powered by Blogger.