Ad

ක්‍රිකට් වනසපු තිලංගගේ ක්‍රිකට් කෙළි සියල්ල අවසන්!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට මින් ඉදිරියට ක්‍රිකට් ආයතනය සම්බන්ධ කිසිදු තනතුරක් දැරීම තහනම් කර තිබෙනවා. ක්‍රීඩා ආමාත්‍යවරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුවක් විසින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි මෙම තහනම නිකුත් කර තිබෙන්නේ.

මෙම තහනම් නියෝගයට අනුව ක්‍රිකට් ආයතනයේ පමණක් නොව ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කර ඇති කිසිදු ක්‍රීඩාවක පරිපාලන කටයුතු සඳහා සම්බන්ධවීමට තිලංග සුමතිපාල මහතාට හැකියාවක් නොමැත.

තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීම හරහා අංක 2137/85 දරන ගැසට් නිවේදනය උල්ලංඝනය කර ඇති බවට පිළියන්දල ක්‍රීඩා සමාජය විසින් ක්‍රීඩා අමාත්‍යංශය වෙත පැමිණිල්ලක් සිදුකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරිණි. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතා, ක්‍රීඩා අමාත්‍යංශයේ නීති නිළධාරී ශිරෝමි රණවක මහත්මිය, විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිළධාරී එස්.ඩී. පියදාස යන පුද්ගලයන්ගෙන් සමන්විත කමිටුව මගින් සිදුකළ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස මෙම තහනම නිකුත් කර තිබේ.

ඒ අනුව තිලංග සුමතිපාල මහතාට මින් ඉදිරියට ක්‍රිකට් ආයතනයේ රැස්වීම් සඳහා සහභාගි වීම, ඡන්දය ප්‍රකාශ කිරීම, බලතල ක්‍රියාත්මක කිරීම හෝ එවැනි කිසිදු ක්‍රියාවකට සම්බන්ධ වීම තහනම් වේ. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ලිඛිතව ක්‍රිකට් ආයතනය දැනුවත් කර තිබේ.

මෙම කමිටුව විසින් සිදුකළ පරීක්ෂණයේදී, තිලංග සුමතිපාල මහතා ක්‍රීඩා හා සම්බන්ධ ඔට්ටු තැබීමේ ව්‍යාපාරයට සෘජුව සම්බන්ධ බවට හෙලිදරව් වී තිබේ. දේශීය වශයෙන් මෙන්ම එංගලන්ත ජාතිකයන් හා එක්ව අදාල ව්‍යාපාර සිදුකරන බවට හෙළි වී තිබෙන අතර මීට අමතරව ඔහු ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ක්‍රිකට් තරග විකාශන අයිතිය ලබාදීමේදී කොමිස් මුදල් ලබාගෙන ඇති බව ද කමිටුව විසින් හෙළිදරව් කරගෙන තිබේ. 

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.