මෛත්‍රී තනිවෙයි: ශ්‍රීලනිප 18ම ‌ගෝඨාට?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් 18 ‌දෙනාම ‌‌පොහොට්ටුවේ අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට අද (08) තීන්දු කළේය.

ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිපයේ නියෝජිතයන් පිරිසක් අතර අද පැවැති විශේෂ සාකච්ජාවකදී ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් ‌මෙම තීන්දුව ‌ගෙන ඇත.

ඒ අනුව ‌හෙට (09) දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වා ‌මේ බව රටට දැනුම් දීමට තීන්දු ‌කොට ඇති අතර ‌හෙට අනුරාධපුරේ පැවැත්වෙන ‌ගෝඨාභයගේ මංගල රැස්වීමට සහභාගී වීමටද තීන්දු ‌කොට ඇත. සිය දිස්ත්‍රික්කයේ එම රැස්වීම පැවැත්වෙන බැවින් දුමින්ද දිසානායක හා වීරකුමාර දිසානායක ඊට සහභාගී වීමට නියමිතව තිබේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා ‌පොහොට්ටුව අතර අවබෝධතා ගිවිසුම බ්‍රහස්පතින්දා (10) අත්සන් තැබීමට නියමිතය.

කෙසේවෙතත් ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා ‌‌පොහොට්ටුව සමග සන්ධානගත ‌වීමට එකගතාව පළ ‌කොට ‌නොමැති බවද දැනගන්නට ඇත.

පොහොට්ටුව දිනුවොත් අපිව මරයි : වැලිකන්දේ ශ්‍රීලනිප පාක්ෂිකයන් හඬා වැටෙයි !

මේ අතර අද (08) පොළොන්නරුවේ වැලිකන්ද ප්‍රදේශයේ සංචාරයක නිරත ජනාධිපති සිරිසේන හමුවී ඇති එම ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් කුමන හේතුවක් මතවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ අතර සන්ධානයක් වෙත නොයන ලෙස ජනාධිපතිවරයා වෙතින් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව තමන්ට ගම් ප්‍රදේශ වලදී පොදුජන පෙරමුණ ක්‍රියාකාරීන් දැඩි පීඩා හිරිහැර සිදුකල බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස ජනාධිපතිතුමා නොසිටින්න ඇතැම් ශ්‍රීලනිප ක්‍රියාකාරීන්ගේ ජීවිත පවා නැතිවීමට ඉඩතිබු බවත් එහිදී ඔවුන් හැඬු කඳුලින් පවසා ඇති බවත් වාර්තා වෙයි.

No comments:

Ad
Powered by Blogger.