අද යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල ජනතා අයිතියට: දැන් ඔක්කොම 5ක්!


යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල විවෘත කිරිම අද (17) පෙරවරුවේ සිදු කිරිමට නියමිතව ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන්තොටුපල විවෘත කිරීමට නියමිත අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,  ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග,  ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු යන මහත්වරුන් ඇතුළු ආරාධිතයින් රැසක් එම අවස්ථාවට එක්වීමට නියමිතයි.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් කටයුතු නොවැම්බර් මාසයේ සිට ආරම්භ වීමට නියමිතව ඇත.

යාපනය ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2250 ක් වන අතර ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් යොදවා ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔක්කොම 5ක්!

මෙතෙක් කලක් මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පමණක් භාවිතයට ගැනුණු ගුවන් තොටුපල 3 ක් ජාත්‍යන්තර ගුවන් තොටුපල බවට පත්කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ.

ඊට අනුව යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල, මඩකළපුව ජාත්‍යන්තර ගුවන් තොටුපල හා රත්මලාන, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල, ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ඇතුළුවීමේ සහ පිටවීමේ අනුමත තොටුපල ලෙසින් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව අංක 2145/24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණි පළමු ජාත්‍යන්තර ගුවන් යානය ලෙසින් පෙරේදා (15) දිනයේ දී ඉන්දියාවේ එයාර් එලයන්ස් ගුවන් සේවයට අයත් යානයක් පරීක්ෂණ චාරිකාවක යෙදී තිබේ. 


මේ අනුව ශ්‍රී ලංකාව තුළ තිබෙන ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංඛ්‍යාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල හා මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල සමඟ 5 ක් දක්වා ඉහළ යනු ඇත.

1 comment :

  1. In the board ...
    First language from tamil
    second from sinhala
    this is Sri Lanka .. not india or tamilndau .......!!!!

    ReplyDelete

Ad
Powered by Blogger.