රනිල්ගේ 1990 සහ සජිත් ගේ ඩෝප් ටැක්සි..


වෘත්තියෙන් නාවුකයෙකු වන මාගේ උග්‍ර වාම විරෝධී  මිතුරෙකු කෙටි සංචාරයකට කියුබාවට ඇතුල් වෙනවා. ඔහු තම හෝටල් කාමරයේ මිලදී ගන්නා විට ම නාවික හැඳුනුම්පත හා හා විදේශ ගමන් බලපත්‍රය හෝටලයට ඉදිරිපත් කිරීමට සිදු වන නිසා ඔහුගේ සිතේ ඇති වන්නේ නොපහන් සිතුවිල්ලක්. එ නිසාම ඔහු තමන් සමග සිටි සඟයන් අමතා,

" බලපන්කෝ මුන්ගෙ නීති පිස්සුවක් එහෙම කෙලින්ඩ එපා. කෙළින් ම හිරේ දායි. පරෙස්සමෙන් මචං යැයි පවසා ඇත."

හෝටලයෙන් වොට්කා වේල් කීපයක් සප්පායම් වී  මගට බැස්ස අප මිතුරන් මග තොටේ දී ද තවත් ෂොට් දෙක තුනක් දමා යන එන මඟ අමතක වී වීදී බංකුවක් මත වැතිර සිටින විට කියුබානු හෙලින් නිලධාරීන්ගේ අවදානයට ලක් වී ඇත. පොලිස් නිලධාරීන් ඔවුන් වෑන් රථයකට ගොඩ කරන විට අඩසිහියෙන් මුත් සිතා ඇත්තේ ලංකාවේදී මෙන් කියුබාවේදී පගාව දීමට නොහැකි නිසා බඩු නිදන කන් කූඩුවේ ලැග නඩුත් දමා ගෙන හොඳ පරිප්පුවක් කන්නට වනු ඇතැයි කියා ය. 

ඩෝප් සීන් එකට නින්ද ගිය මිතුරා යළි අවදි වී වට පිට බලන විට හිර කූඩුවක් වෙනුවට ,හෝටල් කාමරයේ උණුසුම්  බ්ලැන්කෙට්ටුවක් මත තමා හොඳින් නිදා සිටින බව දැන අන්ද මන්දව සිදු වූ දේ පිළිබඳ සේවිකාවන්ගෙන් විමසූ විට ඇය පවසා ඇත්තේ ,

"අපි ඔබේ ගුවන් බලපත්‍රය ඇතුළු සියලු තොරතුරු ලබා ගත් නිසා ඔබ  බීමතින් අතරමං ව සිටි විට හමු වූ සෙලින් නිලධාරීන්ට ඔබව යළි හෝටලයට  රැගෙන ඒමට හැකි වන බවයි ."

එවිට අපට නඩු නැද්දැයි විමසූ අප මිතුරාට ඇය සිනා සී  "නඩු නැහැ හැබැයි ඔබ රැගෙන ආ ටැක්සි කුලිය නම් ගෙවන්න වෙනවා" යැයි පවසා ඇත. 

සංචාරය නිමා වී එන විට ඩියුටි ෆ්‍රී බෝතලයක් රැගෙන මා හමු වීමට පැමිණි මිත්‍රයා පැවසුවේ "මචං කියුබාව මරු, ඩෝප් වෙලා වැටෙන එකාවත් බලා ගන්න ක්‍රමයක් තියෙනවා" යනුවෙනි . 

පැරණි සෝවියට් දේශය පිළිබඳ ලියවුණ  ලිපියක සීත කාලයේ බීමත්ව උද්‍යාන බංකු මත නිදා ගන්නා මිනිසුන් දැඩි සීතලෙන් මිය යෑම වැලැක්වීමට, ඔවුන් සොයා නිවෙස් වලට රැගෙන යන ටැක්සි සේවාවක් පැවති බව සඳහන්ව තිබුණි. 

විවිධ මානසික සංකූලතා සහිත පුද්ගලයන්ට ඇතැම් රට වල ඔවුන්ගේ ගෙල මාලයේ ඇමතුම් අංකයක් සවිකර  ඇති බවත් , ඔවුන් කිසියම් ගැටලුකාරී තත්ත්වයකට මැදි වූ විට පොලිසියෙන් වෙනත් ඕනෑ ම අයෙකු  ඔවුන් පිළිබඳ කටයුතු  කිරීමට පෙර එම අංකයෙන් ඔවුන්ගේ සමාජ ආරක්ෂකයන් ඇමතිය යුතු බව මා දැන ගත්තේ එසේ සමාජ ආරක්ෂකයකු ලෙස කටයුතු කරන මාගේ මිතුරෙකුගෙනි.  මේ ලිපිය පල වු සැනින් ලයික් කරන එම මිතුරා ලංකාවේදී ප්‍රභූවරයෙකු බැවින් නම සඳහන් නොකරමි.

සමාජයේ සෑම  තරාතිරමකම  මිනිසුන්ගේ සුරක්ෂිතතාවය ගැන වග වෙන රජයක් පැවතීම එම සමාජයේ මිනිසුන් ට මොන තරම් සුවදායි හැඟීමක් ඇති කරයි ද? ගෝඨාභය ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති පරිදි " Happiness Index "  එකේ උඩින් ඉන්න රටක් බවට අප රට පත් කිරීමට නම් එවැනි සේවාවන් බොහෝ අවශ්‍යය. 

1990 යනු වත්මන් රජය හදුන්වා දුන් එවන් එක් සේවයකි. හාට් ඇටෑක් හැදුණු විට 1990 ගෙන්වා ගෙන, සුදු වෑන් ගෙන්වා ගෙන පරලොව යන්නට ඡන්දය දෙන අමනයන් ඉන්න රටක සජිත්ගේ ඩෝප් වෑන් යෝජනාව ගොන් පාට් වීම පුදුමයක් නොවුනද? 

'ඔබට ඕනෑ සුදු වෑන් ද? 1990  දැයි' රනිල් ඇසු පැනයට අපේ පිළිතුර: '1990  විතරක් මදි ඩෝෆ් ටැක්සි ද  ඕනෑ' යනුයි."

No comments:

Ad
Powered by Blogger.