Ad

තරුණ අපි ලෝකෙත් එක්ක ඉමු!


ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් වෙන් වුණාට රටක් හැටියට ලෝකයෙන් වෙන් වෙලා තනිව ගමනක් යන්න අපට පුළුවන් කමක් නෑ. එහෙම යන්න හදපු අය නිසා රටට මොකද වුණේ කියලා ඉතිහාසය සාක්ෂි දරන බව ආයෙ ආයෙත් කියන්න  ඕනේ නෑ.

ඇයි අපි ලෝකෙත් එක්ක යන්න  ඕනේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක හිතන එකම විහිළුවක්. ලෝකෙත් එක්ක ගියේ නැත්නම් අපිට කොහොන්ද මේ අලූත් අලූත් දේවල්, ජීවත් වෙන් විතරක් නෙවෙයි සංවර්ධනය මුදල්. භාෂණයේ සහ ජීවත් වීමේ නිදහස, මානව අයිතිවාසිකම්. මේ හැම දේම අපිත් එක්ක තියෙන්නෙ අපි ලෝකෙත් එක්ක යන නිසා. එහෙම නොයන ස්වාසිලන්තය වගේ රටවල් රජ්ජුරුවන්ගේ කෙළි බිම් වෙලා වැනසෙන හැටි අපි දකින්නෙම අපි ලෝකයට විවර වෙලා ඉන්න නිසා.

ඔය ලෝකයට විවර වෙලා ඉන්න නිසා තමයි අපිට GSP + කියලා එකක් ලැබුණේ. මේක ඉංග‍්‍රීසි අකුරු 3ක් විතරක් නෙවෙයි. රටක් ඉස්සරටහ යන ආර්ථික සහනයක්. පේ‍්‍රමදාස ආණ්ඩුව කාලෙ විරැුකියාව තුරන් වෙලා හැම තරුණ තරුණියක්ගෙම අතේ සග්ගි තියෙන ආර්ථිකයක් ආවේ මේ අකුරු තුන නිසා. අපේ ඇ`ගලූම් ලෝකෙන්ම හො`දම ඇදුම් වෙද්දි ඒකෙ ප‍්‍රතිලාභ ලැබුණෙ අපේ රටට. රටේ මිනිස්සුන්ට. හැම පළාතකම ඇ`ගලූම් කම්මල් ඇරෙද්දි කෙල්ලො කොල්ලෝ ඒවගේ වැඩට ගියේ අනාගත ගැන ගොඩක් බලාපොරොත්තු කියාගෙන. ගොඩක් අයට ඒ බලාපොරොත්තු හිතුවටත් වඩා හො`දට සාර්ථක කර ගන්න පුලූවන් වුණා. ඒත් සමහරෙකුට එහෙම බැරි වුණා.

ඇයි එහෙම වුණේ ?

ඒ තමන්ගෙ රටේ තරුණ තරුණියන්ගෙ අනාගතය ගැන, රටේ මිනිස්සු ගැන හිතුවෙ නැති පාලකයො ටිකක් මේ රට එයාලගෙ කෙළිබිමක් කරගත්තා. මේ රටේ අයිතිකාරයො තමන්ගෙ ඵවුලේ අය කියල හිතපු එයාලා පිටරටත් එක්ක හරියට වැඩ කරන්න කටයුතු කළේ නෑ. මිනිස්සුන්ගේ නිදහස සීමා කරලා පිටරටත් එක්ක තිබුණු බැ`දීම් ලිහලා දාන තැනට ගෙනාවා. අන්තිමට  GSP +  සහනය අපට නැති වුණා. ලෝකයේ හො`දම ඇදුම් මහපු තමන්ගෙ නිෂ්පාදන විකුණගන්න බැරිව සිය ගණනක් ඇ`ගලූම් කම්මල වැහුණා. දහස් ගණන් තරුණ තරුණියො අසරණ වුණා. ඒත් පාලකයන්ගේ දුවලා පුතාලා සතුටින් කල් ගෙව්වා.

ගාමන්ට් ගිය තමන්ගේ දුවගේ පඩියෙන් ජීවිතේ ගැට ගහ ගත්ත පවුල් තවත් අසරණ වුණා. අක්කගේ අයියගේ පඩියෙන් ඉගෙන ගත්ත නංගිලා මල්ලිලාගේ ඉගෙනීම කඩා වැටුණා. ඒත් පාලකයන්ගේ පුතාලා රේස් පැද්දා.

2015 වෙනසත් එක්ක ලෝකයත් එක්ක වැඩ කරන්න පුලූවන් නායකයෝ GSP +  සහනය ආපහු ලංකාවට අරන් දීලා ආයෙත් ටිකෙන් ටික අසරණ වුණ තරුණ ජීවිත යථා තත්වයට ගේන්න කටයුතු කළා. අපනයන කර්මාන්ත ඇති කරලා ආර්ථකය ගොඩ නගන වැඩ පිළිවෙල ආරම්භ කළා. හෙට දවසේ තරුණ තරුණියන්ට බයක් නැතුව ජීවත් වෙන්න පුලූවන් ආර්ථිකයක් තියෙන රටත් අදන්න වැඩ පිළිවෙල ආරම්භ කළා. දැන් තියෙන්නෙ ඒක ඉස්සරහට ගෙනියන්න විතරයි.

ඒත්. ජනාධිපතිවරණෙන් ඔබ ගන්නා වැරදි තීන්දුවකට මේ ඔක්කොම අනිත් පැත්ත හරවන්න පුළුවන්. අපි ඉන්න ඕනේ ලෝකෙත් එක්කද? තනි වෙලාද? අපිට ලස්සන, දියුණු ආර්ථිකයක් තියන නිදහස් රටක්  ඕනෙද? තීරණය තියෙන්නේ ඔබේ අතේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.