Ad

හකීම්ට බදූර්දීන්ට ගහන්න එපා: බැසිල්ගෙන් පොහොට්ටුවට උපදෙස්!


ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ රවුෆ් හකීම් සහ රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරුන්ට නිර්දය ලෙස ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවධාරණය කර ඇතැයි වාර්තා වේ. 

ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන් ලෙස ඔවුන්ව විවේචනය කළත් ත්‍රස්තවාදී චෝදනා එල්ල කිරීමේදී ප්‍රවේශම් විය යුතු බවයි ඒ මහතා පෙන්වා දී ඇත්තේ. 

ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ ද නොවැම්බර් 18 වනදා සිටම පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා ආණ්ඩුවක් පිහිටුවීමේ සටන ආරම්භ වන බැවින් එහිදී වඩාත්ම තීරණාත්ම සාධකය වන මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගත නොහැකිම වන තත්වයක් නිර්මාණය කරගත යුතු නොමැති බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගත්ත ද ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රමාණවත් මන්ත්‍රී සංඛ්‍යාවක් නොමැති නිසා හකීම් සහ බදූර්දීන් සතු මන්ත්‍රී ධුර 12 සහාය ලබා ගැනීම අනිවාර්යයක් වන බවත් ඒ මහතා අවධාරණය කර ඇත. 

ඒ අනුව විවේචනය කිරීම ප්‍රශ්නයක් නොමැති වුවත් බරපතළ ත්‍රස්තවාදී චෝදනා වැනි දෑ එල්ල කිරීමෙන් වළකින ලෙසයි බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇත්තේ. 

[LNW]

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.