මෛත්‍රී - බැසිල්ට අවසන් ලිපියත් යවලා.


පක්ෂ ලකුණ වෙනස් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් වන ස්ථාවරය ලබන 05 වැනිදාට පෙර දන්වන ලෙසට ඉල්ලමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු ජන පෙරමුණ වෙත විශේෂ ලිපියක් යවා ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා විශේෂ ලිපිය පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා වෙත යවා ඇතැයි ද පැවසේ.

මේ අතර ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා කියා සිටියේ ජනාධිපතිවරණයට අදාළව ‘පොහොට්ටුව’ ලාංඡනය වෙනස් කිරීමට නීතිමය බාධාවක් පවතින්නේ ද නැද්ද යන්න පිළිබඳව සෙයා බැලීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට නීති උපදෙස් ලබා ගනිමින් සිටින බවයි.

No comments:

Ad
Powered by Blogger.