Ad

සජිත් ඔයා රෑට එන්න....


රෑට හොරෙන් නිදන කාමර වලට එබීම මානසික රෝගයකි . ගමේ ගොඩේ බස් වහරේ මේ  රෝගය ඇත්තන් හඳුන්වන්නේ බූලන් ලෙසිනි. මේ අහිංසක මානසික රෝගීන් විධිමත් ශික්ෂණයකට යොමු කරනු වෙනුවට කඩු පොලු ගෙන තලා දමන අපේ සමාජයට සජිත් කිව්ව රෑට රෑට දුක සැප සොයන කතාව කුණුහරපයක් විය .

එහෙත් අනුරාධපුර යුගයේ සුභ රජු යනු රෑට රෑට වෙස් වලාගෙන ගම් තොටේ ඇවිද ගියේ තම පාලනය තුල මිනිසුන් පීඩා විඳින්නේ ද ,අසතුටින් පසු වන්නේ ද ,තමාට දැන ගැනීමටයි . රාජ පුරුෂයන්ගේ ලණු ගිලින්නේ නැතුව තමා ට ඇත්ත සොයා ගැනීමටයි .

පුරා වෘත්ත යොදාගෙන අදහස් පැවසීම පුරාණෝක්ති සාහිත්‍ය යයි . එය දියුණු ප්‍රකාශ මාධ්‍යයකි .පුරා වෘත්ත නොදන්නා මිනිස්සුන්ට පුරාණෝක්ති කුනුහරප යකි .

රෑට හොරෙන් ජනෙල් ජනෙල් වලින් එබීම වෙනුවට Pornhub හෝ Jillhub එකට එබෙන එක පුරුද්දක් කරගත් මිනිසුන්ට අම්මට හුඩු... සජිත් හොරෙන් කරන වැඩේ කෙලින් කියනවා මාර අවුල්. දැන් අපි සජිත්ට හූ කියලා අපි එහෙම නෑ වගේ ඉන්න ඕනෑ  කියා සිතේ. 

එහෙත් සුභ රජ රජ පුරාවෘත්තය කියවා හෝ සුභ සහ යස නාට්‍ය බලා ඇති මිනිසුන්ට සජිත් කියන දේ හොඳින් වැටහේ .

ගෝඨාගේ කාලේ C .C .TV  වලට හසු වේ යැයි උද්ඝෝෂණ තබා, උද්‍යානයක ප්‍රේම කිරීමට පවා බියවී සිටි මිනිසුන්ට පසුගිය වසර හතර තුළ තමාට ඉහළින් තමා කරන සියල්ල නිරීක්ෂණය කරන අනෙකෙකු සිටීමේ භීතිය නැතිව  ගියේය .

දැන් ඇත්තේ  එවන් C.C TV ඇසක් නිසා තම පෞද්ගලිකත්වය අහිමි වූ ජීවිතයක් ද? නැතිනම් ඔබ නිදහසේ සිටීද ,සතුටින් සිටී ද කියා සොයා බලන සොදුරු පාලකයෙකුගේ රැකවරණය ද? කියා තෝරා ගැනීම ය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.