දුෂ්කර ගමනක අවසානය සුන්දර නැවතුමකි.


සජිත් පේ්්‍රමදාස දේශපාලනයට පිවිසෙන්නේම සාතිශය දුෂ්කර අවධියකය. විශේෂයෙන් අනෙක් ජනාධිපති පුතාලා මෙන් තාත්තා ජනාධිපති වී සිටියදී පාර්ලිමේන්තුවට එන්නට ඔහුට අවශ්‍ය නොවීය. තාත්තා නිසා බැබලෙන්නට ඔහුට අවැසි නොවීය. එහෙයින් ඔහු දේශපාලනයට එන්නේ පියාගේ අභාවයත් සමඟිනි.

කොළඹ දිස්ත්‍රික්කයේ දැවැන්ත ඡන්ද පදනමක් තිබියදීත් හම්බන්තොට වැනි අතිශය දුෂ්කර පළාතක් තම දේශපාලනය සදහා සජිත් ප්‍රේමදාස තෝරා ගන්නේ රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්නට නම් ඔවුන්ගේ දුෂ්කරතාව හදුනාගත යුතු වූ හෙයිනි. ජනතාවගේ දහදිය සුවදට සමීප විය යුතු හෙයිනි. ඔහුට කොළඹ නිවසේ සිට පියාගේ නම විකුණමින් ඕනෑ තරම් ඡන්ද ගන්නට තිබුණත් ඔහු එසේ නොකළේ ආදර්ශවත් දේශපාලනයක පෙරමං තනමිනි.

හම්බන්තොටින් පාර්ලිමේන්තුවට පිවිසි සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය ඇමතිවරයෙක්, ඇමතිවරයෙක් ලෙස පක්ෂයත් නායකත්වයත් ආරක්ෂා කරමින් රටටද ඉමහත් සේවාවක් කළ බව රහසක් නොවේ. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් සිය දායකත්වය නොඅඩුව හිමි කර දුන් සජිත් ප්‍රේමදාසයන් පක්ෂයේ එකමුතු බව වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරනු ලැබුවේ අයුක්තිය, අසාධාරණය හමුවේ ඊට එරෙහිවද පෙනී සිටිමිනි.

ජනතාව අතුරින් මතුව ආ නායකයෙක් වුවද තමන්ගේ ජනතාව ඔහු සළකනු ලැබුවේ සහෘදයන් ලෙසිනි. එහෙයින් ඔහු කටයුතු කරනු ලැබුවේ ජනතාව සමඟය. සමහර ජනාධිපති පුතාලා දළදා මාලිගාව වටා සුද්දියන් නිරුවතින් නටවමින් කාර් රේස් පදිද්දී සජිත් පාසල් ලමුන් සමග ක්‍රිකට් ගැසුවේය. සමහර ජනාධිපති පුත්තු තමන්ටම කියා ගුවන් යානා බුක් කර තරුණියන් සමග රට සවාරි යද්දී සජිත් ඒදණ්ඩෙන් ගොස් ජනතාවගේ දුක සැප සොයා බැලීය. ඉන්න හිටින්නට තැනක් නොමැති ජනතාවට නිවසක් ලබා දුන් ඔහු පන්සලක් පන්සලක් ගානේ යමින් වෙහෙර විහාර ඉදි කරන්නටත් කටයුතු කරනු ලැබුවේ සමහර ඊනියා බෞද්ධ නායකයන්ගේ  කයිවාරුවට තිත තබමිනි.

එවන් ගමනක් ආ සජිත් පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස මෙවර ජනාධිපති අපේක්ෂකකම ලබා ගත්තේද අනෙක් අය මෙන් පවුලේ බලයෙන් හෝ නෑදැයින්ගේ ආනුභාවයෙන් නොවේ. ඒ වෙනුවෙන් සටන් කරන්නට ඔහුට සිදු විය. අවසානයේදී පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරමින් ඔහු ජනාධිපති අපේකෂකයා බෙවට පත් වූයේ සුවහසක් දුප්පත් අහිංසක ජනතාවගේ බලාපොරොත්තු මල් ඵල ගන්වමිනි.

ජනාධිපති අපේකෂකයා ලෙස ගමින් ගමට යමින් ජනතාව අමතන ඔහු ඒ කාලය පුරා ජන හමු 151ක් අමතන්නට සැළසුම් කොට ඇත්තේ තමන්ගේ ප්‍රතිවාදියා ජනහමු 59කට පමණක් සහභාගීවන බව පවසද්දීය. ජන හමු 150ක් යනු පහසු කාර්යයක් නොවේ. ඒ වෙනුවෙන් සිදු කළ යුතු කැපවීමද සුළු පටු නොවේ. එහෙත් සජිත් ඒ අභියෝගය භාර ගෙන ඇත්තේ ඔහුගේ කාර්යක්ෂමතාව පිළිබද පණිවිඩයක් මෙරට සබුද්ධික ජනතාවට ලබා දෙමිනි.

ගමන නිමක් නැත. තවමත් කඹ ඇදිලි, කකුලෙන් ඇදිලි, මඩ ගැහිලි නැත්තේම නැත. අභූත චෝදනාද එලෙසමය. එහෙත් සජිත් එක අරමුණක් වෙනුවෙන් සියලු බාධක බිද දමමින් වෙහෙසෙන්නේ තම මව්බිම හොරු රැලකින් ගලවාගෙන දුප්පත් අහිංසක ජනතාවට සවිමත් රටක් නිර්මාණය කිරීම වෙනුවෙනි.

ඔහු ආ මග රෝස මල් මාවතක් කටු කොහොලින් පිරි මාවතකි. යන්නට ඇත්තේද එවන් මගකි. එහෙත් ඒ අවසානයේ ඇත්තේ ඔහුගේ පමණක් නොව සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ ඒකායන පරමාර්ථයේ ජයග්‍රහණයයි. රටට වින කරන මිනීමරුවන්ගේ පරාජයයි.

No comments:

Ad
Powered by Blogger.