Ad

ෆොන්සේකාගේ සහාය ගෝඨාට?


හිටපු හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සියලු එදිරිවාදිකම් අතැර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 

එක්සත් ජාතික පක්ෂය තුළ රනිල් පිල නියෝජනය කරමින් පසුගිය මාස කිහිපය තුළ සජිත් ප්‍රේමදාස මහතාව තියුණු ලෙස විවේචනය කරමින් සිටි සරත් ෆොන්සේකා මහතා පසුගිය සතිය පුරාම සජිත් ප්‍රේමදාස මහතාව හමුවීම සඳහා වේලාවක් වෙන් කරගැනීමට උත්සාහ කළත් සජිත් ඔහුට අවස්ථාවක් ලබාදී නොමැත. 

ඉන් අනතුරුව තීරණයට එළඹ ඇති සරත් ෆොන්සේකා මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පණිවිඩයක් යවා ඇති අතර ඔහු ඊට ක්ෂණිකව ප්‍රතිචාර දක්වා ඇති බව සඳහන්. 

ෆොන්සේකා සජිත්ට අකමැත්තෙන්ද?

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ වී තිබෙන අතර සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවේ ජාතික ආරක්ෂාවට ලැබී තිබෙන ඉඩ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව ෆොන්සේකා මහතා පවසා ඇති බව සඳහන්. 

එමෙන්ම පක්ෂ අභ්‍යන්තරයේ ඇතිකරගන්නා එකඟතා නැතහොත් පොරොන්දු පිළිබඳ ප්‍රසිද්ධ වේදිකාවේ කිසිදු කතා බහක් නොවීම පිළිබඳවද සරත් ෆොන්සේකා මහතා යම් සැකයකින් පසුවන බවයි වාර්තා වුණේ.

මේ වන විට ජාතික ආරක්ෂාව රටේ ප්‍රධානම මාතෘකාව බවට පත්ව ඇතත් ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතාට වැඩපිළිවෙලක් ඇති බව පෙනෙන්නට නැති හෙයින් ඔහුට සහය දැක්වීම පිළිබඳ ෆොන්සේකා මහතා යම් දෙගිඩියාවකින් පසුවන බව කියැවුණි.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් සකස් කරගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සහ සරත් ෆොන්සේකා මහතා අතර යම් සාකච්ජාවක් සිදුව ඇතත් එය සරත් ෆොන්සේකා මහතා බලාපොරොත්තු වූ අයුරින් සිදුව නොමැති බවද වාර්තා විය. 

මේ තත්ත්වය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සරත් ෆොන්සේකා මහතා යම්  සාකච්ජාවක නිරත වී ඇති බව දැනගැනීමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා සරත් ෆොන්සේකා මහතාට දුරකථන ඇමතුම් ගෙන තමන්ට සහය දැක්වීම පිළිබඳ ෆොන්සේකා මහතාගෙන් යම් සහතිකයක් ලබාගෙන ඇති බවද වාර්තා විය. 

ඒ අනුව ඊයේ (05) රාත්‍රියේදී කොළඹ තරු පහේ හෝටලයකදී හමුවී ඇති ගෝඨා සහ ෆොන්සේකා දෙදෙනා වෙනත් කිසිවකු සහභාගී කරවා නොගෙන තනිවම රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය. 

මේ බව ආරංචි වූ සැණින් සජිත් ප්‍රේමදාස මහතා සරත් ෆොන්සේකා මහතා වෙත පණිවිඩ පිට පණිවිඩ යවා ඇතත් ඔහු ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත. 

ගිනි සිළුවේ කණ්ඩායමක් සමඟත් සාකච්ජාවක් 

මේ අතර අද එක්සත් ජාතික පෙරමුණේ කැලණිය ආසනයේ නියෝජිතයින්  සහ සරත් ෆොන්සේකා මහතා අතර හමුවක් අද පැවැත්වෙන අතර ඉන් අනතුරුව තමන්ගේ පක්ෂය වූ ප්‍රජාතනත්‍රවාදී පක්ෂයේ නියෝජිතයින් පිරිසක් සමඟ ෆොන්සේකා මහතා විශේෂ සාකච්ජාවක නිරත වන බවද වාර්තා වී තිබේ. 

සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳ ඇති සෑහීමකට පත් නොවීමත්, ජාතික ආරක්ෂාව යන කාරණයේදී තවදුරටත් තමන්ව නොසලකා හැරීමත් පිළිබඳ සරත් ෆොන්සේකා මහතා අපේක්ෂා බිඳවැටුණු අයුරින් පසුගිය දිනවල කතා කර ඇත.

මේ අතර ගෝඨාවාදීන්ගෙන් ලැබී තිබෙන යහපත් ප්‍රතිචාරත් නිසා ෆොන්සේකා මහතා යම් උද්දීපනයක් පසුවන අතර ෆොන්සේකා මහතාගේ ඉදිරි දේශපාලන තීන්දු වඩා තීරණාත්මක වනු ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

සරත් ෆොන්සේකා මහතාට අනුව ජාතික ආරක්ෂාවේ මුල් පොත ඔහුය. දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා යළිත් ඊට පෙරවදන ලියන්නට සූදානමින් සිටින බවක් පෙනේ. 

[LNW]

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.