විවාදයෙන් පලාගිය ගෝඨාට සජිත්ගෙන් තවත් අවස්ථාවක්!


ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටක් වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සියලු අපේක්ෂකයන් එකම වේදිකාවකට කැඳවා ඔවුනොවුන්ගේ ප්‍රතිපත්ති  පිළිබඳ විවෘතව ජනතාව හමුවේ සාකච්ජා කිරීමට ඊයේ (05) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අවස්ථාව හිමි වී තිබුණේ. මාර්තු 12 ව්‍යාපාරය සහ 'එෆ්රියල්' තරුණ ජාලය විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන  ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වරට ලද අත්දැකීමකි. 

සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක ඇතුළු සෙසු ජනාධිපතිවරණ අපේක්ෂකයන් මෙම මහජන වේදිකාවට පැමිණ සිය ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල පිළිබඳව සාකච්ජා කළද ප්‍රධාන අපේක්ෂකයෙකුව සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට සහභාගී වූයේ නැත. 

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මහජන වේදිකාවට නොපැමිණීම එය මඟහැර යාමක් ලෙස පෙනෙන්නට තිබුන අතර ඊට සමගාමීව එල්ල වූ චෝදනාවන් සහ උපහාසාත්මක ප්‍රකාශවලින් ගැලවීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට අවස්ථාවක් ලබා දීමට එක්සත් ජාතික පක්ෂය තීරණයක් ගෙන ඇත. 

ඒ අනුව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදුවන ඉදිරි සති පහක පමණ කාලය තුල අවස්ථා තුනකදී එජාප පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමඟ වාද කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට අවස්ථාව ලබා දී තිබේ. 

අද (06) එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.

කල්වේලා ඇතිව දින නියම කරගෙන එම වාදයන් පැවැත්විය හැකි අතර එය එකිනෙකට මඩ ගසා  ගැනීම නොව ජනාතාව ඉදිරියේ සිය ප්‍රතිපත්ති පිළිබඳ කතාකිරීමක් බව අමාත්‍යවරයා කියාසිටියේය. 

No comments:

Ad
Powered by Blogger.