සිරිසේන අනුරාධපුරයේ දී ගෝඨාගේ වේදිකාවට.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සංධානගත වී "පොහොට්ටුව" ලකුණ යටතේ එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. 

ඊයේ(05) පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන තිදෙනාම ජනාධිපති සිරිසේනව හමුවී ඇති අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ. 

එළඹෙන ඔක්තෝම්බර් 09 වනදා අනුරාධපුරයේදී පැවැත්වෙන පොදුජන පෙරමුණු මැතිවරණ සමාරම්භක රැළියේදී දෙපාර්ශවය අතර සංධානයට අත්සන් කරන බවද වාර්තා වනවා. 

ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් විසින් මෙම සංධානය සදහා සාකච්ජා කල අතර ඔවුන් තිදෙනාට සහ ජනාධිපතිවරයාට අනාගත ආණ්ඩුවකදී වැදගත් අමාත්‍යධූර හතරක් ලබාදීමටද පොදුජන පෙරමුණ එකඟ වී තිබේ. 

පක්ෂයේ මෙම තීරණයට ශ්‍රීලනිප සංවිධායකවරුන් රැසකගේ දැඩි විරෝධයක් එල්ල වී තිබෙන අතර එළඹෙන මැතිවරණයේදී රාජපක්ෂ පවුල ප්‍රමුඛ පොදුජන පෙරමුණට දැවැන්ත පරාජයක් අත්කර දී යලි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට මෛත්‍රීපාල සිරිසේනට තිබූ ස්වර්ණමය අවස්ථාව ඔහු සහ කල්ලියක් විසින් සම්පූර්ණයෙන්ම අවභාවිතයට ලක්කල බවයි පක්ෂ සංවිධායකයින් චෝදනා කරන්නේ. 

කිහිප දෙනෙකුගේ පෞද්ගලික වුවමනා එපාකම් මත ඇමතිධූර ලබාගැනීමට මෙරට දෙවන විශාලතම දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසානයේ මැදමූලන වලව්වේ හරක් මඩුවට ගාල් කිරීම හෙණ ගහන අපරාධයක් බව මධ්‍යම පළාත නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙකු අප කල විමසුමකදී ප්‍රකාශ කලා.

No comments:

Ad
Powered by Blogger.