සාෆි නාටකය පොහොට්ටුවේ වැඩක් බව ගෝඨාගේ නීති උපදේශකම පිළිගනී!

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි විසින් සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳභාවයට පත් කරන ලදැයි චෝදනා කරමින් රට තුළ මහත් ආන්දෝලනයක් මතුකළ නාටකය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාණයක් බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන නීති උපදේශක මොහොමඩ් අලි සබ්‍රි මහතා විසින් ප්‍රකාශිතවම පිළිගෙන තිබේ. 

"සියලු අන්තවාදීන් හා ජාතිවාදීන් පරාජය කලයුතුය. විවිධත්වය ශක්තියක් කරගතයුතුය. මානසික රෝගීන්ට පුතිකාර කලයුතුය!" යනුවෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ ඒ මහතා කළ සටහනක් අරබයා මතුවූ සංවාදයකදී සාෆි නාටකය පොහොට්ටුවේ වැඩක් බව මෙන්ම අනෙකුත් දේශපාලන පක්ෂවලට වඩා පොහොට්ටුව තුළ අන්තවාදීන් සිටින බවත් ඒ මහතා පිළිගෙන ඇත. 



අලි සබ්‍රි මහතාගේ සටහන පිළිබඳව "අනෙකුත් පක්ෂ සමඟ සන්සන්දනය කිරීමේදී පොහොට්ටුව අන්තවාදීන්ගෙන් පිරිලා, ඔවුන් තමයි සාෆි නාටකයත් නිර්මාණය කළේ" යනුවෙන් ලැබී තිබුණු ප්‍රතිචාරයකට පිළිතුරු දෙමින් අලි සබ්‍රි මහතා ඉතා පැහැදිලිව සඳහන් කර ඇත්තේ "ඔව්, මම පිළිගන්නවා. ඒකට තමයි අභ්‍යන්තර සංවාදයක් ඕනේ, ඒක දැනටත් සිදුවෙමින් තියෙනවා. නිරාගමික සාමාජිකයින් ඉවත්වීම මීට විසඳුමක් නෙවෙයි" යනුවෙනි. 


ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේම රතන හිමි ළඟ වැඳවැටී එහිමිගේ උග්‍ර මුස්ලිම් විරෝධී ප්‍රතිපත්ති පිළිගැනීම නිසා වස්ත්‍ර අහිමි කරගෙන සිටින නීතිඥ අලි සබ්‍රි මහතා එය සාධාරණීකරණය කරගැනීම සඳහා දැරූ අසාර්ථක උත්සාහයක් තුළදී මෙය සඳහන් කර ඇති බව පෙනේ. 

වෛද්‍ය සාෆි සම්බන්ධ සම්පූර්ණ සිදුවීම් මාලාවම සිදුකෙරුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයවීම සහ අධ්‍යක්ෂණය මත ඊට සම්බන්ධ සහ හිතවත් පුද්ගලයින්ගේ මැදිහත් වීමෙන් බවත් ඒ හරහා රට තුළ ජාතිවාදී කෝලාහලයක් ඇති කර දේශපාලන වාසි ලබාගැනීම ඔවුන්ගේ අරමුණ වූ බවත් අපි එහි ආරම්භයේ පටන්ම පැවසුවෙමු. අවසානයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන නීති උපදේශකයා මෙන්ම සමීප හිතවතෙකු ද වන ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතාම එය පිළිගෙන ඇත. 

මෙවන් නින්දිත කුමන්ත්‍රණකාර තුච්ඡයින්, පාහර ජාතිවාදී අන්තවාදී අපරාධකරුවන් පිරිසකට රටේ බලය ලබාදෙනවාද යන්න සිහියක් ඇති ජනතාව විසින් තීරණය කළ යුතුය. 

[LNW]

No comments:

Ad
Powered by Blogger.