spotscenered.info, 14856, DIRECT pubmatic.com, 51616, RESELLER, 5d62403b186f2ace මෛත්‍රී ඉවත්කරන කුමන්ත්‍රණයක්: ශ්‍රීලනිප තාවකාලික සභාපති මහින්ද අමරවීර? - Info Sri Lanka News | Sinhala

මෛත්‍රී ඉවත්කරන කුමන්ත්‍රණයක්: ශ්‍රීලනිප තාවකාලික සභාපති මහින්ද අමරවීර?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් තාවකාළිකව ඉවත්වී වැඩ බලන සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පත්කිරීමේ සූදානමක් ඇති බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම ජනාධිපතිවරණ සාමය තුළ  පක්ෂයේ තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් 15 දෙනෙකුගෙන් සමන්විත විශේෂ දේශපාලන මණ්ඩලයක් පත්කිරීමට නියමිත බවත් එම ආරංචිමාර්ග පවසයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට  ලංකා නිදහස් පක්ෂය මෙම තීරණය ගෙන ඇත්තේ අද (09) අනුරාධපුරයේ පැවැත්වෙන පොදුජන පෙරමුණ පළමු රැලියේ වේදිකාවට ගොඩවී  පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවන ලෙසත් එසේ නොවුනහොත් පක්ෂයේ තවත් බෙදීමක් සිදුකරන බවට එස්.බී. දිසානායක, තිලංග සුමතිපාල, නිමල් සිරිපාල ද සිල්වා, රංජිත් සියඹලාපිටිය ඇතුළු පිරිසක් සිදුකල බලපෑමේ ප්‍රතිඵලයක් ලෙසයි.

කෙසේ වුවත් තවමත් ජනාධිපතිවරයා සිටින්නේ ආසන සංවිධායකවරුන්ගේ බහුතර ඉල්ලීම සහ පක්ෂය වෙනුවෙන් මෙතෙක් දැඩි කැපවීමකින් කටයුතු කළ මන්ත්‍රීවරුන් සහ පක්ෂ ක්‍රියාකාරීන්ගේ අදහස් විමසා මේ ගැන තීරණය කල යුතුය යන  ස්ථාවරයේ බවත් වාර්තා වෙයි. 

180 කට ආසන්න ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් අතුරින් බහුතරයක් මෙන්ම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුත් ජනාධිපතිවරයාගේ මෙම ස්ථාවරයේ සිටින බවත් දැනගන්නට ඇති අතර  එසේම දේශපාලන තීන්දුවක් ගැනීමේදී විචක්ෂණශීලී විය යුතු බවත් එබැවින් වෙනත් පක්ෂයක තීන්දු තීරණ සහ දින වකවානුසහිත න්‍යාය පත්‍ර මත කටයුතු කිරීමට ගියහොත් පක්ෂය බලවත් අන්තරාවකට මුහුණදීම අනිවාර්ය බව ඔවුන්ගේ ස්ථාවරය බවත් වාර්තා වෙයි.

වේදිකාවට නගින මන්ත්‍රීවරයෙකුට කෝටි දහයක අල්ලසක් ! 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළිත්  දෙකඩකර හෝ හෙට දිනයේ සන්ධාන ගිවිසුම කෙසේ හෝ අත්සන් කිරීමට කටයුතු සූදානම් කරන ලෙස එස්.බී. දිසානායකට දන්වන්න  බැසිල් රාජපක්ෂ ක්‍රියාකර ඇත්තේ ඒ අනුව වන අතර  පසුව  ක්‍රියාත්මකවී ඇති එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අමතමින් හෙට දිනයේ පොදුජන පෙරමුණ වේදිකාවට ගොඩවීමට සූදානම් නම් රුපියල් කෝටි දහයක සංතෝසමක් ලබාදීමට සූදානම් බව දන්වා ඇති බවත්  ආරංචිමාර්ග සඳහන් කරයි.

දුමින්දට සහ වීරකුමාරට රාජපක්ෂවරුන්ගෙන් දැඩි බලපෑමක් !

එසේම හෙට පැවැත්වෙන පොදුජන පෙරමුණ මංගල රැලියේ වේදිකාවට ගොඩවෙන ලෙස ඉල්ලා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී  දුමින්ද දිසානායක සහ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා වෙත  වෙත දැඩි බලපෑම් එල්ලවෙමින් ඇති බවත් වාර්තා වෙයි. 
අද දිනය පුරා අවස්ථා ගණනකදී රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහ පොදුජන පෙරමුණ ක්‍රියාකාරීන් ඔවුන්ගේ නිවෙස් වෙත පැමිණ මෙසේ බලපෑම් කර ඇති අතර ඇතැම් පිරිස් එම නිවෙස් වල නතරකර ගොස් ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.