spotscenered.info, 14856, DIRECT pubmatic.com, 51616, RESELLER, 5d62403b186f2ace ඇල්පිටිය එජාප අවසන් රැළියට සෙනඟ නෑ: රනිල් - සජිත් රැළියටත් නැහැ! - Info Sri Lanka News | Sinhala

ඇල්පිටිය එජාප අවසන් රැළියට සෙනඟ නෑ: රනිල් - සජිත් රැළියටත් නැහැ!

   
ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පැවැත්වූ අවසන් ජන රැළිය ඊයේ ඇල්පිටිය කැල්ලපත ප්‍රදේශයේදී පැවැත්විණ.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයේ පැවැති මෙම අවසන් ජන රැළියට එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස,මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු පක්ෂයේ ඉහළ තනතුරු දරණ කිසිවෙක් පැමිණ නොසිටිය.

ජනහමුව අවසන් වන විට ඉතාමත් සීමිත ආධාරකරුවන් පිරිසක් පමණක් රැඳී සිටින අයුරු දක්නට ලැබුණි.

ගයන්ත කරුණාතිලක මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රැළියට එක්වීමට නියමිතව තිබුණත් අයහපත් කාලගුණය හේතුවෙන් එය සිදුකිරීමට නොහැකි වූ බවයි.

පොහොට්ටු අවසන් රැළිය සාර්ථකයි
   
මේ අතර ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් රැළිය විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය නගරයේදී පැවැත්විණ.

මෙහිදී ජනතාව ඇමතූ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ඇල්පිටිය මැතිවරණය සියයට 70කින් ජය ගන්නා බවයි.

එසේම මේ වන විට එක්සත් ජාතික පක්ෂය විවිධ පාර්ශ්වයන්ට බෙදී ඇති බවත් ඔහු සඳහන් කළේය.

රැළිය අවසන් වන තෙක්ම සැලකිය යුතු ජනතාවක් රැදී සිටින අයුරු දක්නට ලැබුණි. 

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.