spotscenered.info, 14856, DIRECT pubmatic.com, 51616, RESELLER, 5d62403b186f2ace සිරිසේන නිර්පාක්ෂික වේ: මන්ත්‍රීවරු පොහොට්ටුවේ එල්ලෙයි: පාක්ෂිකයින් අතරමං! - Info Sri Lanka News | Sinhala

සිරිසේන නිර්පාක්ෂික වේ: මන්ත්‍රීවරු පොහොට්ටුවේ එල්ලෙයි: පාක්ෂිකයින් අතරමං!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදෙන බව මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. 

ඒ අනුව ඉදිරියේදී පක්ෂ සම්මේලනය කැඳවා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට ද කටයුතු කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. 

කෙසේවෙතත් මෙය ශ්‍රීලනිපය කිසිසේත්ම පොහොට්ටුවට එකතුවීමක් නොවන බව අවධාරණය කළ ඒ මහතා මෙය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමක් පමණක් බවත් ප්‍රකාශ කළේය. 

එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය දක්වා කිසිදු පාර්ශ්වයකට සහාය නොදක්වා ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බව පැවසූ ජයසේකර මහතා ජනාධිපතිවරයකු මෙසේ මධ්‍යස්ථව කටයුතු කරමින් ජනාධිපතිවරණයක් සාර්ථක කරගැනීම සඳහා දායකත්වය ලබාදීමට ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය බවත් සදහන් කළේය. 

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.