spotscenered.info, 14856, DIRECT pubmatic.com, 51616, RESELLER, 5d62403b186f2ace රතන හිමියි, හිස්බුල්ලායි එකම පොහොට්ටු කඳවුරේ ඩියුටි දෙකක. - Info Sri Lanka News | Sinhala

රතන හිමියි, හිස්බුල්ලායි එකම පොහොට්ටු කඳවුරේ ඩියුටි දෙකක.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සහ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර M.L.A.M. හිස්බුල්ලා මහතා යන දෙදෙනාම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් එකම කඳවුරේ රාජකාරි දෙකක නිරත වී සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසයි. 

රතන හිමි එජාපයේ සිංහල බෞද්ධ ඡන්ද කැඩීමටත් හිස්බුල්ලා එජාපයේ මුස්ලිම් ඡන්ද කැඩීමටත් රාජපක්ෂ කඳවුර වෙනුවෙන් සේවය කරන බවටයි ඒ මහතා චෝදනා කළේ. 

"අතන මෙතන හැමතැනම හිටපු රතන හාමුදුරුවෝ, 2015 ජනාධිපතිවරණයේදී මෙතන ඉඳලා දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙ වලිගෙ එල්ලිලා මේ ගමන යනවා. මොකද්ද මේ කරන්න හදන්නෙ ?

සිංහල බෞද්ධ ජනතාවට ඇස් බැන්දුමක් දාලා එජාපය රටට ආදරේ නැත, සජිත් ප්‍රේමදාස මහතා ද එසේමය, ඒනිසා සිංහල බෞද්ධ ඡන්ද පදනම ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබිය යුතුය කියලා කියන උත්සාහයක තමයි මේ නිරත වෙලා ඉන්නෙ. සිංහල බෞද්ධ ජනතාවට එජාපය ආදරේ නොකරනවායැයි විශාල මතයක් පතුරුවන්න මේ හැදුවට රතන හාමුදුරුවෝ වගෙ කණ්ඩායම් සිංහල බෞද්ධ ජනතාවට ජාතිවාදය ආගම්වාදය හිතට කවලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඡන්ද ගොනු කරන්න හදන එක විහිළුවක්. 



රතන හාමුදුරුවෝ එහෙම ගොඩනඟන්න හදද්දි හිස්බුල්ලා මුස්ලිම් ඡන්ද ටික අපේ අපේක්ෂකයාට ලැබීම වැළැක්වීම සඳහා වෙනම තරග කරනවා. එතකොට රතන හාමුදුරුවොත් හිස්බුල්ලාත් එකම කඳවුරේ, එකම අපේක්ෂකයා වෙනුවෙන් ඩියුටි දෙකක් කරන්නෙ මේ. හැබැයි ශරියා විශ්වවිද්‍යාල ගෙනාපු, කෝටි ගණන් මුදල් ගිනූමට තැන්පත් කරගෙන අද වෙනකොට ඒ මුදල්වලට වෙච්චි දෙකක් නැතිවෙච්ච, අන්තවාදී සංවිධාන එක්ක ගනුදෙනු කරපු හිස්බුල්ලත් ගෝඨාභයට වැඩ, අර සිංහල බෞද්ධකම ගැන කතා කරන රතන හාමුදුරුවොත් වැඩ. මේ දෙබිඩි වැඩපිළිවෙල තේරුම් ගන්න කියලා මං සිංහල බෞද්ධ ජනතාවගෙන් ඉල්ලන්නෙ" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය. 

තුෂාර ඉඳුනිල් මහතා මේ බව පැවසුවේ ඊයේ (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.