නොනිදන ජනාධිපති කාර්යාලයක් හදන්න යන සජිත්ගේ කැම්පේන් ඔෆිස් එක 9.30ට දොයි!


එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය රැස්වීම්වල පුන පුනා කියන කරුණක් වන්නේ තමන් දැනටමත් අළුයම 4.00 සිට රාත්‍රී 12.00 දක්වා වැඩ කරන බවයි. 

එසේම විසිහතර පැයේම, තුන්සිය හැටපස් දවසෙම නොනිදන ජනාධිපති ලේකම් කාර්යාලයක් නිර්මාණය කරන බව කියන සජිත් ප්‍රේමදාස මහතාගේ වොක්ෂෝල් වීදියේ පිහිටි ජනාධිපතිවරණ මෙහෙයුමේ ප්‍රධාන කාර්යාලය නම් රාත්‍රී 09.30 වනවිට වසා දැමෙන බව වාර්තා වේ. 

සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරුණු පසු, ඒ සඳහා පවතින අතිශය සීමිත කාලසීමාව තුළ ප්‍රධාන පක්ෂයක ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් පැය 24 පුරාම විවෘතව තබා ගැනීම, පැය 24 පුරාම දිවයින පුරා ප්‍රචාරණ කටයුතු නිරීක්ෂණය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම අත්‍යාවශ්‍ය කරුණක් මෙන්ම නිසි ක්‍රමවේදය ද වෙයි. 

එහෙත් සජිත්ගේ කාර්යාලය මෙයින් වෙනස් වී ඇත්තේ ඔවුන් දැනටමත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ මානසිකත්වයක පසුවන නිසා බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

එම මෙහෙයුම් කාර්යාලයේ සිටින සජිත් පාර්ශ්වයේ ඉහළ බලධාරීන් දැනටමත් සාකච්ඡා කරන්නේ ඉදිරි දින 31 තුළ සිදුකළ යුතු තීරණාත්මක ප්‍රචාරණ කටයුතු පිළිබඳව නොව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වූ පසුව නව රජයේ සහ පක්ෂයේ තනතුරු බෙදාගැනීම ගැන බවත් ඊට සමීපතම ආරංචිමාර්ග අප වෙත ප්‍රකාශ කළේය. 

මැතිවරණයකදී ජයග්‍රාහී මානසිකත්වය හොඳ දෙයක් වුවත් එය පවා පමණ ඉක්මවා ගිය කල විකාරයක් වන හෙයින් වොක්ෂෝල් වීදියේ කාර්යාලය දැනටමත් පක්ෂය තුළම විහිළුවට ලක්ව ඇති බවත් වාර්තා විය. 

No comments:

Ad
Powered by Blogger.