ශ්‍රිලනිප සභාපති ධූරයෙන් යන්නේ නෑ: මෛත්‍රී!


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නැති බවත් මෙවර ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂිකව කටයුතු කිරීමට තීරණය කර ඇති ඔහු, ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්වනතෙක් එනම්, නොවැම්බර් 18 දා දින දක්වා පමණක් ශ්‍රීලනිප සභාපති තනතුරේ වැඩ ආවරණය කිරීම සදහා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කර ඇති බවත් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසිය.

මෛත්‍රිපාල සිරිසේන ශ්‍රිලනිප සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූ බවට සමාජ ජාල ඔස්සේ පැතිර යන වාර්තා සම්බන්ධයෙන් අප කළ  විමසීමකදී එම මන්ත්‍රීවරයා ඉහත කාරණය අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉවත් වූ බවට ප්‍රචාරය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යය බව ශ්‍රීලනිප නිල වෙබ් අඩවියේ ද සඳහන් වේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.