මහේෂ්ගේ මංගල රැළිය අද ගම්පහ: සජිත් ප්‍රේමදාසගේ ගාලුමුවදොර.


ජාතික ජනතා ව්‍යාපාරායේ ජනාධිපති අපේක්ෂක හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායකගේ මංගල රැළිය අද (10) පැවැත්වීමට නියමිතයි.

ඒ ගම්පහ නගර සභා පිටියේදීයි.

අද පස්වරු 4ට එය ආරම්භ වීමට නියමිත අතර සිවිල් සංවිධාන නියෝජිතයන්, වෘත්තීයවේදීන් ඇතුලු විශාල පිරිසක් මේ සඳහා එක්වීමට අපේක්ෂාවෙන් සිටින බවයි ජාතික ජනතා ව්‍යාපාරය සඳහන් කරන්නේ.

සජිත් ප්‍රේමදාසගේ මංගල රැළිය අද ගාලුමුවදොරදී

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන මංගල රැළිය අද ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි.

පස්වරු 2.00ට රැලිය ආරම්භ වීමට නියමිතයි.


එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඇතුළු විශාල පිරිසක් මෙම රැළියට සහභාගී වීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර සඳහන් කර සිටියා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.