Ad

සජිත්: The Pad Man.

එක්තරා කාලයක, මළ කඳක් හෝ මලමුත්‍ර අත ගෑම මිනිසුන් අපිරිසිදු ලෙස සලකන චාරිත්‍රයක් තිබුණා. මාසික ශුද්ධිය පවතින කාල සීමාවේ ගැහැණු ගැන හිතුවෙත් ඒ විදියට" ඉන්දියාවේ මහාචාර්ය අර්වින්ද් ශර්මා එහෙම කියන්නේ කාන්තාවන්ගේ මාසික ශුද්ධිය ගැන.!

ලංකාවේ වැඩිවියට පත් පාසල් දැරියන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් මාසික ශුද්ධිය සිදුවන කාලය ඇතුළත පාසල් යන්නේ නැහැ කියා කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය.

බ්‍රිතාන්‍යයේ ද සෑම කාන්තාවන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට අපහසු බව කියන්නේ බ්‍රිතාන්‍ය සඟරාවක්.

දරන්න බැරි වේදනාවක් යටි බඩෙනුත් හිසෙනුත් පිටවෙද්දී එය උහුලාගෙන ජීවිත අරගලයේ යෙදෙන බව කියන්නේ ආර්ථවය සිදුවන කාන්තාවන්.

ලංකාවේ අති බහුතර ග්‍රාමීය කාන්තා ප්‍රජාව ආර්ථික දරිද්‍රතාව නිසා පමණක් තවමත් සිය ඔසප් දිනවලදී කිසිදු සනීපාරක්ෂාවකින් තොර රෙදි කැබලි පාවිච්චි කරමින් සිටින බව දන්නේ කවුද?. ග්‍රාමීය දැරියන්ගෙන් කී දෙනකු තම ආර්තව සමය තුළ පාසලට පැමිණෙන්නේදැයි සොයා බලා ඇති කෙනෙක් ඉන්නවද?

කාන්තාවකගේ ජීවිතයේ වසර 30ක් පමණ ආර්තවය සිදු වෙයි නම් ඇය විසින් වසරකට සනීපාරක්ෂක තුවා 240ක් භාවිතා කළ යුතුයි.ජීවිතකාලය පුරා සනීපාරක්ෂක තුවා 7,200ක් පමණ පාවිච්චි කළ යුතුයි.

එදා වේලත් අහිමි මිනිසුන්ට එවන් වියදමක්..?

ගැහැනියක් මවක් වීමට විඳින වේදනාව දරනවා තියා හිතන්නටවත් පිරිමියෙකුට බැරිය. ආර්ථව වේදනාව දෙවැනි වන්නේ ඊට පමණක් යැයි ඇතැමුන් කියයි.මා‍‍සෙකට වතාවක් ජීවිතයේ අඩකටත් වැඩි කළක් එවන් වේදනාවක්...!

‍දේශපාලනය පසෙකින් තබන්න.සිනාසීමටත් විවේදනයටත් ඇතිපදම් කරුනු කාරණා තිබියදී ඔබේ සංවේදී ප්‍රශ්නයට සිනා නොවන්න. මහා තාක්ෂනික විප්ලව ගැන අටෝරාසියක් මහප්‍රාණ කියවන අතර දූවිලිමත ඇදෙන ප්‍රශ්නයත් විමසන්න. එහෙත් කාත් කවුරුවත් මායාම් නොකළ ප්‍රශ්නයක් විමසුමට ලක් කළ ප්‍රවණතාවය අගයන්න.

සජිත් ‘සියලු කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන බවත් ඔසප් නිවාඩුවක් දෙන බවත්‘ කියා ඇතිනම් ඊට සිනා සෙන්නේ කොහොමද,මොන හිතකින්ද?
එය දේශපාලන පොරොන්දුවක් පමණක්නම් ඒ ගැන වෙනම කතා කරමු. එහෙත් එවැන්නක් මාතෘකාවට ගැනීම අපූරුය.
ඒ එක්කම ඊට කෝචොක් කරන්නටත්,නක්කලේ දමන්නටත් හැකි වන්නේ ප්‍රසව වේදනාවටත්,ඔසප් වේදනාවටත් සිනාසෙන නරුමයෙකුට පමණි.

ඒ කෝචොක් පාර හෝ නක්කල් සිනහව හරිද කියා අම්මාගෙන් හෝ බිරියගෙන් හෝ සොයුරියගෙන් විමසීම වඩාත් මැනවි.!

කාට ඡන්දේ දුන්නත් කමක් නෑ,ඒ කතාවට හිනා වෙන්න එපා..!!!

(රංජිත් සමරකෝන්)

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.