මෛත්‍රී ඉවත් කර ශ්‍රීලනිප නායකත්වයට මහින්ද ගෙනෙන සැලැස්මක්!


       
මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ පසු දින දෙකක් තුනක් තුළ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නායකයා ලෙස මහින්ද අමරවීර මහතා පත් කරවන බව බෙලිඅත්ත ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක, ජනාධිපති නීතීඥ උපාලි මොහොට්ටි මහතා පවසයි. 

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අඟුණකොළපැලැස්සේ පැවති ජනහමුවක් අමතමිනි. 

"16 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රටේ ජනාධිපති කරනවා වගේම මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ අගමැති කරනවා වගේම තවත් වැදගත් සිදුවීමක් වෙනවා දවස් දෙක තුනකින්.

ඒ තමයි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විශ්‍රාම යනකොට ඒකෙන් ඇතිවෙන පුරප්පාඩුවට පසුගිය මාස ගණන්වල අවුරුදු ගණන්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ මහින්ද අමරවීර මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා බවට පත්වෙන එක දවස් දෙක තුනක් ඉස්සරහින් තියෙන බව මතක් කරන්න ඕනෙ" යනුවෙනුයි ඒ මහතා ප්‍රකාශ කළේ. 

කෙසේවෙතත් නොවැම්බර් 17 වනදා ජනාධිපති තනතුරෙන් විශ්‍රාම ගිය ද තමන්ට දේශපාලනයෙන් සමුගැනීමේ අදහසක් නොමැති බව මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනවල ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර තිබිණි. 

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් ඔහුට ඒ සඳහා සෘජුව සහාය ලබානොදුන් මෛත්‍රීපාල සිරිසේන මහතාව ශ්‍රීලනිප නායකත්වයෙන් ඉවත් කර, ගෝඨාට සහාය දුන් මහින්ද අමරවීර මහතාව නායකත්වයට පත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව පෙනේ. 

No comments:

Ad
Powered by Blogger.