Ad

අගමැති කවුද කියලා දිනුවම බලා ගනිමු: සජිත්ගෙන් සැර කතාවක්!


තමා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු අගමැති ධුරයට පත් වන්නේ කවුරුන්ද යන්න තීරණය කරන්නේ තමා බවත් ජනාධිපතිවරණයට පෙර ඒ පිළිබඳව කතා කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපත අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (01) හොරණ ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ජන හමුවකදීය.

අනාගත රජයකදී ජාතික ආරක්ෂාව හා නීතිය, සාමය පිළිබඳ සියලු වගකීම් හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට පැවරීමට තීරණය කර ඇති බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ ඒ හැර අගමැතිවරයා සම්බන්ධයෙන් හෝ කැබිනට් මණ්ඩලයේ තනතුරු සම්බන්ධයෙන් හෝ වෙනත් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගැනීමේදී පක්ෂයේ සියලු දෙනාගේ කැමැත්ත මත තීරණ ගැනීමට හැකි වූ අයුරින්ම අගමැතිවරයා පත් කිරීමේදී පක්ෂයේ කැමැත්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරය දිනා ගන්නා පුද්ගලයා අගමැතිවරයා වනු ඇති බවත් ප්‍රේමදාස මහතා පවසනවා. ඇතැම් විපක්ෂ කණ්ඩායම්වලට අගමැති ධුරය බරපතල ගැටලුවක් වුවද එජාපයට සහ තමාට එය එතරම් ගැටලුවක් නොවන බවත් ඔහු සඳහන් කරනවා.

වසර ගණනාවක් තිස්සේ යුද්ධය විකුණගෙන කෑ රාජපක්ෂ දෙබෑයන් යුද සමයේ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙද්දී යුද්ධයේ සියලු වගකීම් හිටපු හමුදාවට පවරා අත සෝදා ගැනීමට කටයුතු කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.