Ad

MCC ගිවිසුම ගැන බොරු බිල්ලන් මවා පෑ බව මහින්ද තහවුරු කරයි!


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාලනයක් යටතේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අහෝසි කරන බවට කිසිදු තීරණයක් ගෙන නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

එම ගිවිසුම අහෝසි කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කළ හැක්‍‍කේ ගිවිසුම පිළිබඳ පූර්ණ අධ්‍යයනයකින් පසුව බවත්, ගිවිසුම සම්බන්ධයෙන් එවැනි අධ්‍යයනයක් සිදුකර නොමැති බවත් රාජපක්ෂ මහතා පවසනවා.

කෙසේ වෙතත් පසුගිය දිනවල රාපක්ෂ පාර්ශ්වය සහ ඔවුන්ට සම්බන්ධ සංවිධාන ප්‍රකාශ කළේ අදාල ගිවිසුම හරහා මෙරට ඉඩම් අක්කර 12 ලක්ෂයක් ඇමරිකානුවන් විසින් අත්පත් කර ගන්නා බවයි. එසේම එම ගිවිසුම හරහා ඇමරිකන් හමුදා කඳවුරු මෙරට තුළ ස්ථාපිත කරන බව ද ඔවුහු ප්‍රකාශ කළහ.

එසේ තිබියදී මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ අදාල ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කර නොමැති බවයි. එසේ අධ්‍යයනය කර නොමැති නම් ඇමරිකානුවන් මෙරට ඉඩම් අත්පත් කර ගන්නා බව හා ඇමරිකානු හමුදා කඳවුරු ස්ථාපිත කරන බව ප්‍රකාශ කළේ කෙසේද ? එය පැහැදිලිවම ගිවිසුම පිළිබඳ අසත්‍ය ප්‍රකාශ කිරීමක් හා බොරු බිල්ලන් මවා පෑමකි. ඒ හරහා රටේ ජනතාව නොමග යැවීමකි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.