Ad

ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සජිත් පිළිගනී : මාධ්‍ය සමාජ යෝජනාත් ඇතුළත් !


වත්මන් පාර්ලිමේන්තුව ආරම්භ කර ඇති විධායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරීත්වය, බලය බොදහැරීම හා මැතිවරණ ක්‍රම පිළිබඳ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන ප්‍රමාදයකින් තොරව අවසන් කරන බවත් නව ව්‍යවස්ථා ජනමත විචාරණයකට යොමුකරන බවත් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වී තිබේ.
ඔක්තෝම්බර් 30 වැනිදා මහනුවර ක්වීන්ස් හෝටලයේදී එළිදැක්වූ ඒ මහතාගේ  ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි ජනතාවගේ ව්‍යවස්ථාව  නම් කොටසෙහි මේ බව සඳහන්ය
එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ ඒකීයත්වය භෞමික අඛණ්ඩතාව, ස්වෛරීත්වය හා දේශපපාලන ස්වාාධිනත්වය  ආරක්ෂා කරමින් නොබැඳුණු  හා වෙන් කළ නොහැකි ශ්‍රි ලංකාවක් තුළ උපරිම බලය බෙදාහැරීමක් ක්‍රියාත්මක කරන බවය. 

ඊට අමතරව පළාත් සභාවල නියෝජිතයන්ගෙන් සමන්විත සෙනට්  සභාවක් බිහි කරන බවද එහි සඳහන්ය. කොමිෂන්  සභා ශක්තිමත් කිරීමටත් පොරෝන්දු වී ඇති අතර ජාතික ලැයිස්තුවෙන් පවත්වන මන්ත්‍රීවරුන් හා සෙනට් සභාවට පත්වෙන මන්ත්‍රීවරුන් වෙනුවෙන් සීයට 25ක කාන්තා නියෝජනයක් සහතික කරන බවද පොරොන්දු වී තිබේ.
මේ වනවිට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම්  කමිටුව  සිය අවසන් වාර්තාව ඉදිරිපත් කර  තිබෙන අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි ඇති ඉහත යෝජනා සියල්ලම එම වාර්තාවෙහිද සඳහන්ව ඇත.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්ථාවෙහි ඇති බලය බෙදීමට ආදාලව ඇති කරුණු සියල්ලටම මීට පෙර දෙමළ ජාතික සන්ධානය සහය දීමට එකඟවී ඇත.
මීට අමතරව සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි ව්‍යවස්ථා සහ නීති ප්‍රතිසංස්කරණ යටතේ සියලු ඇමතිවරුන් වත්කම් හා බැරකම් ප්‍රකාශ අන්තර්ජාලයෙන් ප්‍රසිද්ධ කළ යුතු වීම, ප්‍රතිපත්ති හා ආචාර ධර්ම පිළිබඳ පාර්ලිමේන්තු  කොමසාරිස්වරයෙකු පත් කිරීම , සුඛෝපභෝගී තීරු බදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය ඉවත් කිරීම, අධිකරණ පද්ධතියේ වේගවත්භාවය වැඩි කිරීම, පළාත් මහාධිකරණවලට අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව ලබා දීම. ආදී ප්‍රතිපත්ති ඉදිරිපත් කර තිබේ. සාධාරණ මාධ්‍ය යන‌ කොටස යටතේ කොළඹ ප්‍රකාශනය ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වී ඇත. කොළඹ ප්‍රකාශනය යනු පුවත්පත් හිමිකරුවන්, කතෘවරුන් සහ මාධ්‍ය සංවිධාන විසින් ජනමාධ්‍ය නිදහස  හා සමාජ වගකීම් පිළිබඳව 1998 දී සකස් කරන ලද ජනමාධ්‍ය සමාජයේ ප්‍රමුඛතම ඉල්ලීම ඇතුළත් එකඟතාව වන අතර අවසන් වතාවට එය යාවත්කාලීන කරන ලද්දේ 2018 වර්ෂයේදීය. ප්‍රකාශනයේ නිදහස සීමා කරන යල්පැන ගිය නීති අහෝසිකරන බවද  සජිත් ප්‍රේමදාස මහාතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වී තිබේ.
මීට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යට‌තේ ස්වාධීන මාධ්‍ය කොමිසමක් පත්කරන බවද එහි සඳහන් කර තිබේ.
ඊට අමතරව මාධ්‍යවේදීන්ට රුපියල් මිලියන 10 ක ජීවිත රක්ෂණයක් සැපයීම, විකාශන තරංග වගකීම් සහගත ලෙස භාවිත කිරීම ඇතුළත් ප්‍රතිපත්ති ඇතුළත් වේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.