MCC, Belt Road Innitiative(BRI), Indian grants..... ගැන වැල්වටාරම...


ඇමරිකාව වේවා , චීනය වේවා, ඉන්දියාව වේවා... වෙන ඕනෙ ලෝක බලවතෙක් වේවා අපිට ආධාර, ණය දෙන්නෙ නිකං නෙමේ. රටක් විදියට අපි පිහිටල තියෙන තැන හෙන strategic location එකක් නිසා, ලෝක වෙලඳාමේ බල කේන්ද්‍රය දකුණු සහ ගිණිකොණ ආසියාවට තල්ලු වෙලා තියෙන නිසා, ඒ අවස්තාවෙන් උපරිම වාසි ප්‍රයෝජන ගන්න. 

ඉන්දියාව විසින් තවත් රටකට ලබා දෙන විශාලම ආධාර මුදල හෙවත් ඇමරිකන් ඩොලර් මිලියන 350 දෙන්නෙ ලංකාවට. දෙන්නෙ මෙහෙ ඉන්න දුප්පත් මිනිහට ගෙවල් 63,000ක් හදන්න.

ලංකාව විසින් තනි රටකින් ඉතිහාසේ ලබන ලොකුම ආධාරය වන ඇ.ඩො මිලියන 450 දෙන්න පොරොන්දු වෙන්නෙ ඇමරිකාවෙ MCC ආයතනය. ඒ දෙන්නෙ ප්‍රවාහන ක්ශ්‍රෙත්‍රය සහ ඉඩම් සිස්ටම් එක අලුත් කරන්න. 

BRI යටතේ උනත් වාර්ශික ඩොලර් මිලියන 150ක් 200ක් මේ රටට ලැබෙනවා. 

මීට අමතරම මෑත ඉතිහාසයේ ජපානය, ඉන්දියාව, ඇමරිකාව, චීනය අපේ රටට නැව් පවා ආධාර වශයෙන් දීල තියෙනවා. 

ඔය හැම එකකම අරමුන පැහැදිලි. උංට අපිත් එක්ක තියෙන ආර්තික ගණුදෙනු ශක්තිමත් කරගෙන උංගෙ ආර්තිකේට ගන්න වාසි වැඩිකරගැනීම. එතනදි අපි කොරන්න ඕනෙ මේ සියල්ල එක හැටි ප්‍රතික්ශේප කරන එකට වඩා මේවාගෙන් උපරිම ප්‍රයෝජනේ ගෙන උංටත් වාසියක් වෙන තැනට වැඩේ කිරීම.ඒ සඳහා නිවරදි තීන්දු ගත හැකි ශක්තිමත් නායකත්වයක් සහ කණ්ඩායම් අවශ්‍යයි.

සමජයේ හෙන දුර්මතයක් තියෙනව මහින්ද රාජපක්ශ කිසිම රටකට ඔලුව පාත් කලේ නෑ, කොන්ද කෙලිං තියං හිටිය, රනිල්ල නම් බටහිර රටවලට කොන්ද නමාගෙන හිටියේය අරකය මේකය කියල....

මහින්දගෙ ඒ 'කෙලිං කොන්ද' නිසා අපිට යුරෝපා සංගමෙ GSP+ අහිමි වෙලා රටට අහිමි වුනු මුදල්  ප්‍රමානෙ ඩොලර් බිලියන කිහිපයක්. එදා ඒ මුදල රටට ආවනම් අද වෙනකොට රුපියල් බිලියන සිය ගානක මුදලක් රටේ ආර්තිකේට ඇතුල් වෙලා. යන්තම් රනිල්ල මංගලලට පින් සිද්ද වෙන්න ආපහු ඒක අපි ලබා ගත්ත. එතකොට 'කෙලින් කොන්දෙ' න් රටට වටිනාකම තියෙන්නෙ මහින්දගෙන්ද? රනිල්ලගෙන්ද?

මහින්දගේ ඒ විදෙස් රටවලට නොනැමුනා කියන කෙලින් කොන්ද කොච්චරද කියනවනම් පෝර්ට් සිටි ඉඩමෙන් හෙක්ටයාර 30ක් චීනෙට සින්නක්කරවම දුන්න. බැරිවෙලාවත් ත්‍රිකුනාමලේ ඇමරිකාවෙන් පෝට් සිටියක් හදල, ඒකෙ හෙක්ටයාර 30ක් නෙමේ එකක් ඇමරිකාවට දෙන්න රනිල ගේමක් ගැහුවනම්, විමල් වීරවංශය ඕක ගැන කියල කියල අභවප්‍රාප්ත වෙන්නෙ උගුරු පොට ගිහිං. ඒත් රනිල්ල කලේ සින්නකර දීපු හෙක්ටයාර 30 නැවත් ලබා ගෙන බදු පදනමින් දීපු එක. දැං කාගෙද මෙයා කොන්ද? 😁😁

මහින්දගෙ ඒ විදෙස් රටවල නොනැමුනා කියන  කෙලින් කොන්ද නිසා ආපු චීන construction හමුදාව එදා බිලියන ගනන් වල ව්‍යාපෘති වලින් ප්ටන් අරගෙන පස්සෙ මිලියන 100, 200 ඉදිකිරීම් වලටත් බැස්ස. පස්සෙ අපේ රටේ දේශීය කොන්ත්‍රාත්කාරයන්ට ඇඩ්‍රස් නැතිවුනා. අද වෙනකොට වර්තමාන රජයෙන් තීරනය කරනව ඉදිරි කාලයේ රාජ්‍ය ආයෝජනයෙන් කෙරෙන ඉදිකිරීම් වලට විදෙස් කොම්පැනි වලට Bid කරන්න බෑ කියල. මේකට මූලිකත්වෙ ගත්තෙ පාටලී.. දැං කාගෙද මෙයා කොන්ද.... 😁😁

මහින්දගෙ කොන්ද කොච්චර කෙලින්ම කියනවානම් කොළඹ වරායෙ වටිනාම ජැටිය චීන සමාගමකට දෙන්නෙ 85%ක් උංට අයිති වෙන විදියට සහ වරායට 15%ක් අයිති වෙනවිදියට. අනේ අර අපේ බටහිර පදේට නටන westminster කොල්ල රනිල් කොළඹ වරායෙ ඊලඟ ජැටිය ජපන්-ඉන්දියන් සමාගමකට දෙන්නෙ 49%යි. 51%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියට තියාගන්නව. බලන්න නේද විදෙස් රටවල් හමුවේ නොනැමුනු මහින්දගෙ කොන්ද නේද...😁 රනිල් නම් සෑහෙනම නැමිලනෙ හපොයි....😁😁

දැං ඔය එන්න ඉන්න කොන්ද කෙලින් තියෙන බාප්ප ඇමරිකාවේ මේ මේ බලපෑම් වල්ල්ට සිංහ ඝර්ජනා කොරල තියෙනවද? ඇමරිකාවට එරෙහිව කටෙං කෙල පොදක් හලනවද? නිකං ලඟ ඉන්න මුර බල්ලො දාල මුට්ටිය දාන මිසක් ඒ ගැන වචනයක් වත් කියන්නෙ නෑ නේද? එතකොට කොන්ද කෙලිං බාප්ප ආවම ඇමරිකාවට දොඹෙන් යන්න දෙයි නේද යාලුවේ. ඒ උනාට අර අපේ මෝඩ පහේ සජිත් ලොක්කනම් ඇමරිකන් බුස්නස් forum එකකම පොඩි කතාවක් කියනව. පොර කියනව අපේ රටේ අපනයනයේ ලොකු ලොකු පංගු තනිතනි රටවලින් භුක්ති විදින එක අපිට geopolitics වලින්ද මොකක්ද එකට අවාසි කියල. ඒ නිසා අපේ රටට අනවශ්‍ය බලපෑම් වෙන්න පුලුවන් කියල. ඒ නිසා මේ අපනයනය තනි තනි රටවල් මත යැපෙන ක්‍රමේ වෙනස් වෙලා වෙනත් වෙලඳපොලවල් හොයන්න ඕනෙ කියල. මම කියන්නෑ ඕක එක පාර කොරන්න පුලුවන් කියන. නමුත් ඌ ඔය කතාව කියන්නෙ ඇමරිකාව ටාගට් කරල. බිකෝස් අපේ රටේ අපනයනයෙන් 5න්,6න් එකක් හෙවත් ඇමරිකන් ඩොලර් බිලියන 2.2ක්ම ගන්නෙ ඇමරිකාව. ඇමරිකාව එක්ක ඇරගන්න ඕනෙ නෑ. නමුත් පොරට මෙහෙම කතාවක් කරන්න හැකියාව තියෙනව කියන එකම පොසිටිව් කාරනයක්. 

කතාව මේකයි. නැගීඑන ආර්තික බලකේන්ද්‍රයේ උපරිම ඵල නෙලාගන්න නම් අපේ රටේ මිනිස්සුන්ගෙ ජීවන තත්වෙ නගා සිටුවීමට infrastructure develop වෙන්නම ඕනෙ. ඒකෙදි අපිට ප්‍රාග්ධනය අවශ්‍යයි. ඒ ප්‍රාග්ධනය තියෙන්නෙ ඔය ලොකු ලොකු රටවල් ගාව. උං එක්ක ඩීල් දාල උංටත් මේකෙං හම්බු කරගන්න අවස්තාව දීල අපිටත් යමක් කොරගන්නවා මිසක් දේශීය කිරි අලේ තෙල් අබ දාල උලා කාගෙන ඉඳල ගොඩ යන්න බෑ. ඒ ඔක්කොම කොරන්න නිවරදි නායකත්වයක්, කණ්ඩායමක් අවශ්‍යයි. එහෙම් මෙහෙං පුම්බපු, ණය ගන්නං වාලෙ, ණය දෙන රටේ එකාලවම පෝසත් කරන්න වරායවල්, ගුවන් තොටුපොලවල්, සම්මන්ත්‍රන ශාලාවල්, ක්‍රිකට් ග්‍රවුන්ඩ් ගහන්න හායි කියල දොර අරින උංට මේව කරන්න බෑ...

No comments:

Ad
Powered by Blogger.