සජිත් ගේ සිඟිති ආතල් ..


"සුපර්මාකට්වල ට්‍රොලි තල්ලු කරන් යන උන් ගන්නෙ වෙනම ආතල් එකකි .උන් පොඩි කාලේ සෙල්ලම් කාර් පදින්න බැරි වුණු ඇරියස් එක ගන්නෙ ."
                             ජෙහාන් - කූඹියෝ

සිය ළමා කාලයේ දී අතපසු වූ අහිමි වූ ඇරියස් වැඩිහිටි වියේදී අත්විඳීම සෑම  වැඩිහිටියකු ම සතු අභිරුචියකි. සිය මවගේ අහිමි වීම හඹාගිය ලියනාඩෝ ඩාවින්චි මොනාලිසා නිර්මාණය කළේය .සිය ළමා වියේ ලද පීඩිත ජීවිතෙන් අහිමි වූ ලෝකය හඹා ගිය ඇඩොල්ෆ් හිට්ලර් නාසි ජර්මනිය බිහි කර ලොවම ලේ විලක් කලේය. වැඩිහිටි වියේදී  ළමාවිය සැමරීම විනෝදයක් ,විහිළුවක් මෙන්ම බරපතළ ස්වයං විනාශකාරී ව්‍යාධියක් බවට ද පත් විය හැක . 

සජිත් ප්‍රේමදාසගේ ළමා විය ගෙවුණේ දෙකොන ගිනි ගන්නා රටක ය . එම දෙකෙළවර ගින්න හා පොරබැදූ පාලකයෙකුගේ පුතෙක්  ලෙසිනි . ඔහු ට රසමසවුළු , මන්දිර වල අඩුවක්  නොවුනද ගම් වැද කැලෑ වැද කෙළිදෙලෙන් ගෙවන ළමා විය අහිමි විය . අද වැඩිහිටියෙකු ව , නායකයකු ව ගම් බිම් සරන විට කොල්ලන් සමග බෝල ගසන්නටත් , සින්දු කියන්නටත් ,ගස් නගින්නටත් ,ඒ දඬු මත ඇවිද යන්නටත් ඇති පෙළඹුම මෙම ළමා වියේදී වියේ දී  වූ අහිමි වීම් ය .

විටෙක එය  විනෝදයකි , ඇතැමෙකුට විහිළුවකි . එහෙත් එය අහිමි වූ සමාජ ජීවිතය , ගහ කොළ සතා සිව්පාවා වෙත දිව යාමක් බැවින් වින්දනයක් මිස විනාශයක් බවට පත් වන්නේ නැත . 

මැදමුලන උපන් රාජපක්ෂලාට ළමා කාලයේ දී අහිමි වූයේ  නාගරික සුවපහසුවය. එබැවින් ඔවුන්ගේ ළමා කාලයේ අහිමි වීමේ ආශාව ඇත්තේ ඔවුන් ළමා කාලයේ වෛර කළ නාගරික සුව පහසුවට ය . 

ඔවුන්ට බලය ලද  සැනින් ඔවුන් සිදු කලේ එම අහිමිවීම් හඹා යෑම ය . සජිත් කොල්ලන් සමග බෝල ගසන්නට පෙළඹෙන විට නාමල් ලා නයිට් රේස් පදින්නට, බැසිල්ලා මන්දිර තනන්නට, කෙළවරක් නැතිව  ධනය ගොඩ ගසන්නට, බලය අත්පත් අත්පත් කර ගැනීමට පොර බදන්නේ එබැවිනි . එවැන්නවුන්ට බලය ලද විට  රටේ සියලු ම ඉඩම්, පැරණි රදළ මන්දිර, සුපිරි වාහන ,සියලුම ගැහැණුන් අවශ්‍ය වේ . මෙය කෙළවර වන්නේ බරපතළ ව්‍යසනයකිනි.

No comments:

Ad
Powered by Blogger.